UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රණවිරුවකු අණුස්මරණය කිරීමට ඉදි කළ මිරිස්වත්ත ශ්‍රී අර්ජුනාරාම විහාරස්ථානය


විහාර මන්දිරයේ දසුනක්

මිනුවන්ගොඩ කොළඹ පාරේ මිරිස්වත්ත මං සන්ධියෙන් වම් පසට ග්‍රාමාභ්‍යන්තරයට මඳ දුරක් ගමන් කරන ඔබට ශ්‍රී අර්ජුනාරාම විහාරස්ථානය මුණ ගැසේ. තිස් වසරක් පුරාම පැවති ත්‍රස්ත උවදුර මැඬලීමේ කාර්යයේදී යාපනේ කොන්ඩවනාර්හිදී 1985 – 4 – 28 දින රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරු ලුතිනන් දුෂාන් අර්ජුන පෙරේරා පුතණුවන් සිහි කර කොළඹ දෙමටගොඩ අංක 51 හි කපිතාන් සනත් පෙරේරා සහ මාලිනී පෙරේරා යන මව්පියන් දෙපලගේත් ප්‍රියාන්, ශිරාන් නිරෝෂා යන සහෝදර සහෝදරියන්ගේත් මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කළ මෙම පුදබිම රණවිරු අනුස්මරණ විහාරස්ථානයක් ලෙසින් විහාර නාමාවලියේ සුවිශේෂ ලෙසින් සටහන් වී ඇත. 1986 – 04 – 28 දින ආරම්භ කළ මෙම සිද්ධස්ථානයේ මූලාරම්භක ස්වාමින් වහන්සේ ලෙසින් සැලකෙන මීමන ජිනානන්ද මා හිමිපාණන්ගේ අපවත් වීමෙන් පසු කලක් පසුබෑමකට ලක්ව පැවති මෙම ස්ථානය 2004 – 01 – 07 දින පූජ්‍ය ශාස්ත්‍රපති දුනුකේවත්තේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ වත්මන් විහාරාධිපති වශයෙන් වැඩම කරවීමෙන් අනතුරුව ශීඝ්‍ර දියුණුවකට ලක්වී වත්මනෙහි ත්‍රිවිධ චෛත්‍යාංග සංඛ්‍යාත පූජණීය වස්තූ®න්ගෙන් සමලංකෘතවූ දර්ශණීය පිං බිමකි.


චෛත්‍ය රාජයාණන් වහන්සේ

විශාල තාප්පවලින් වටවූ මහල් නිවෙස් මධ්‍යයේ ඉතිරි වී ඇති පර්චස් 19 ක ප්‍රමාණයක මෙම සියලු විහාරාංග සැලසුම් සහගතව නිර්මාණය කර තිබීම ආදර්ශමත්ය. මේ විහාරාංග අතර ප්‍රදේශවාසී බොදු දරු දැරියනට බෞද්ධ අධ්‍යාපනය චරිතවත් බව ලබාදෙනු වස් පවත්වනු ලබන දහම් පාසල ඉතාම දුෂ්කර වූ ඉඩ ප්‍රමාණයක් තුළ මනා කළමණාකාරිත්වයකින් සකසමින් ක්‍රියාත්මක වී ඇති අන්දම වටිනේ ය. නේවාසික භික්‍ෂූන් වහන්සේලා ලෙසින් වැඩ සිටින පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක නැදගමුවේ සමිත, වැලිහිද ජලිත ධම්ම යන හිමිපාණන් වහන්සේලා දහම් පාසල කෙරෙහිත් විහාර සංවර්ධනයන් කෙරෙහිත් දක්වන උද්යෝගය පැසසිය යුතුය.


විහාරාධිපති
ශාස්ත්‍රපති දුනුකේවත්තේ ජිනානන්ද හිමි

සෑම දිනයකම සැලසුම් සහගතව පවත්වන භාවනා වැඩ සටහන් ධර්ම සාකච්ඡා විශේෂ බෝධි පූජාවන් පැවැත්වීම තරුණ තරුණියන්ගේ අනාගත දිවිය සැලසුම් කරදීමට මහත් පිටුවහලක් වී ඇත.

විහාරස්ථානය දක්වා වැටී ඇති දුෂ්කර මාර්ගය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ මුල්‍ය ප්‍රතිපාදන වලින් කොන්ක්‍රීට් අතුරා සකස් කර දීම ඉටුවුනු අතර තාවකාලිකව සපයා තිබූ විදුලි සැපයුම ස්ථිර සැපයුමක් ලෙසින් සකස් කර දීම පත්තඩුවන භික්‍ෂු අභ්‍යාස මධ්‍යස්ථානාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක අධ්‍යාපන වේදී ගරු පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් පුෂ්පා රාජපක්‍ෂ මැතිණියගේ මැදිහත්වීමෙන් ප්‍රතිපාදන සපයා දෙමින් එතුමියගේ ශාසනික මෙහෙවරට තවත් අගයක් එක්කර ගන්නා ලදී.
 


බෝධි රාජයාණන් වහන්සේ

ඈත අතීතයේ රජ දවස බෞද්ධ සිද්ධස්ථාන ආරම්භ කිරීමේදී රජවරුන් සේනාධිපතිවරුන් යෝධයින් ගේ නාමයන් අනුස්මරණය කරමින් සිදු කරනු ලැබූ අතර එම අතීත සිංහල බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායික පිළිවෙතේ මඟ අගයමින් මෙදා රට දැය සමය රැකුමෙහි යෙදී සිටියදී දිවි පිදූ රණවිරුවකුගේ නාමයෙන් මෙවන් සිද්ධස්ථානයක් ගොඩනැගීම විශේෂත්වයකි.

 

 


 

 

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]