UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හිරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථානය


බුද්ධ මන්දිරය ඇතුළත දසුනක්

කන්ද උඩරට පිවිසෙන කඩුගන්නාව ගල්දොරටුව විවර කැර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පිළිම තලාව කිරිබත්කුඹුර අතර ඇඹිල්මීගම හන්දියෙන් ඉහළට වැටී ඇති අතුරු මාර්ගයේ මීටර් පනහක් පමණ ගමන් කිරිමෙන් පසුව දැවැන්ත ගල්තලාවක් ආශි‍්‍රතව ඉදිකිරීමට යෝජිත සම්මා සම්බුද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරණ පුණ්‍ය භූමිය දිස්වේ.


විහාරභූමියේ දර්ශනයක්

යටිනුවර පිළිමතලාව හිරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරය හා වත්මන් විහාරාධිපති හා හිරැස්සගල ශ්‍රී ධර්මෝදය පිරිවෙණෙහි පරිවෙණාධිපති ශාස්ත්‍රපති අධ්‍යාපන ඩිප්ලෝමා සද්ධර්මකීර්ති ශ්‍රී ඉලුක්කුඹුරේ පුඤ්ඤරතන හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථ සතර පේරුවේ දායක කාරකාදින්ගේ දායකත්වයෙන් සිදු කෙරෙන ආගමික සමාජික මෙහෙවර රාශියක් සිදුවේ. එක්දාස් නවසීය (1900) පමණ කුඩා ආවාස කුටියකින් ආරම්භ කළ ආනන්ද බෝධි විහාරස්ථානය පියවරින් පියවර ඉදිරියට ගමන් කළ අයුරු දක්නට ලැබේ.

පළමු විහාරාධිපතිත්වය උසුලා අපවත්වී වදාළ ඇටන්වල සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කාමර කීපයකින් සැදුම්ලත් සංඝාරාමයද පැරැණි විහාරයද ධර්ම ශාලාවද දහම් පාසලද ආරම්භ කළහ. උන්වහන්සේගේ අපවත්වීමත් සමඟම විහාරාධිපති ධූරයට තේරීපත් වුන ඉලුක්කුඹුරේ පුඤ්ඤරතන හිමියෝ ස්වකීය විහාරස්ථානය ප්‍රදේශයේ කීර්තිමත් විහාරස්ථානයක් බවට පත්කැර ලීමේ අරමුණ පෙරටු කැරගෙන 1982. ජුලි මස 17 දා සාමණේර භික්ෂූන් දොළොස්නමකින් යුතුව ආරම්භ කළ ශ්‍රී ධර්මෝදය පිරිවෙණෙහි සතලිස් නමකට අධික භික්‍ෂූන් පිරිසක් අධ්‍යයනය කටයුතු වල නියැලී සිටිති.විහාරස්ථානයේ නේවාසිකව වැඩ සිට අධ්‍යයන කටයුතුවල නියලෙන ශිෂ්‍ය භික්‍ෂූන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ පහසුව සලසා කාමර දහ අටකින් සැදුම්ලත් සියලු පහසුකම් සහිතව දෙමහල් සංඝාරාමය ප්‍රධාන පිරිවෙන් ශාලාව ගන්ඨාකුලුණ විහාරස්ථානයට පිවිසෙන පිය ගැට පෙළ වත්මන් විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ විහාරස්ථානය නියෝජනය කරණ ගංගොඩ බෝයගම හීරැස්සගල නානුඔය හා ඇඹිල්මීගම ගම්මානයන්හි දායක කාරකාදින්ගේ පූර්ණ දායකත්වය ඇතිව ගොඩ නංවා තිබේ.වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව රජය සතුව පැවැති ඇඹිල්මීගම ගල්වල ආශි‍්‍රත භූ®මිය අභිනවයෙන් ඉදිකරන සමාධි බුද්ධ ප්‍රතිමාව සඳහා පරිත්‍යාග කිරීම මහඟු පුණ්‍ය කර්මයකි.


සුවිසල් සමාධි ප්‍රතිමා වහන්සේ ඉදිකරන ස්ථානය


පරිවෙනාධිපතින් වහන්සේ සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්‍ෂූන් වහන්සේ

ඉදිකිරීමට යෝජිත සමාධි බුද්ධ ප්‍රතිමාව අඩි 120 කින් පමණ යුක්තය. ඊට අමතර බුද්ධ ප්‍රතිමාව පසු පසින් මහල් හතරකින් යුතු බුද්ධ චරිතයේ සුවිශේෂ සිදුවීම් හා බෝධිසත්ව චරිතය විදහා දැක්වෙන විවිධ අවස්ථාවන් නිරූපනය වන චිත්‍ර මූර්ති විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවේ.

ඒ සඳහා රුපියල් කෝටි හතරකට වඩා වැඩි මුදලක් වැය වෙන බව සඳහන් වේ. දැනට මූලික පියවර වශයෙන් සමාධි බුද්ධ ප්‍රතිමාව අසනාරුඩ ගත කිරීම සඳහා අවශ්‍ය කරන ආසනයේ වැඩකටයුතු ආරම්භ කැර ඇත.

අතීතයේ මේ රට එක්සේසත් කළ රජ දරුවන් අපට යමක් ඉතිරි කළාසේ වර්තමානයෙන් අනාගතයට යමක් පරිත්‍යාග කිරීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන් පමුණුවාගෙන මෙම උත්තරීතර සත්කාර්යට මුල පිරූ බව ඒ හිමියෝ පැවැසූහ.

විහාරාධිපතින් වහන්සේගේ පා සෙවනේ දිගු කලක් වැඩ සිට අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කළ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා තිස් පස් නමක් පමණ දෙස් විදෙස් විහාරස්ථානයන්හි වැඩ වෙසෙමින් සිදු කරන ශාසනික මෙහෙවර අගය කළ යුතුවෙයි.


විහාරාධිපති ඉලුක්කුඹුරේ පුඤ්ඤරතන
ස්වාමින්වහන්සේ

 

 

 

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]