UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් විශේෂ අවස්ථා

දෙදහස් හයසිය වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරා ලෝවැසි බෞද්ධ ජනතාව විවිධ බෞද්ධ වැඩසටහන් සංවිධානය කර තිබිණි. දාන, ශීල, භාවනා ඇතුළු වැඩසටහන් රැසක් ඒ අතර වෙයි. ශ්‍රී ලංකාවද මේ උතුම් අවස්ථාව සමරා විවිධ වැඩසටහන් සංවිධානය කළ අවස්ථාවන් කිහිපයකි මේ.


දෙදහස් හයසිය වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජාතික උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී (14) පැවැත්විණි. සම්බුද්ධත්ව ජයන්ති වසර ප්‍රකාශයට පත්කළ අවස්ථාව


අලංකාර පෙරහරකින් ජාතික වෙසක් උත්සව භූමිය වෙත

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය විවෘත කළ අවස්ථාව.ඊට සමගාමීව හැව්ලොක් පාර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත ලෙස නම් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කැරිණි. සිංහලට පරිවර්තනය කරන ලද ටීකා ග්‍රන්ථ 8 ක් හා ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කරන ලද අටුවා ග්‍රන්ථ 3 ක් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නාහිමියන් විසින් ජනාධිපතිතුමන් වෙත පිළිගැන් වූහ. ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, අනුනාහිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි ඇතුළු මහ සඟරුවනද කථානායක චමල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත, බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර 2600 ක් සපිරීමේ මහෝත්සවය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර බෞද්ධ ජනතාව මුල්කොට ගෙන රටවල් 17 ක සම්බන්ධතාවයෙන් ලෝක බෞද්ධ සංස්කෘතික කෞතුකාගාරයක් ස්ථාපනය කොට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත කෙරුණි. මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමි යන් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද මෙහි වෙති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැලණි විහාරයේදී ආගමික වැඩසටහන් වලට එක් වී... කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහි වෙති.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ගංගාරාමයේ සිට පිඬුසිඟා වැඩම කළ 500 ක් පමණ වූ ගරුතර මහසඟරුවන වෙත අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දානය පිළිගැන්වූ අවස්ථාව. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙහි වෙති.

දෙදහස් හයසිය වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් භූමියේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර ජනාධිපතිතුමන් විසින් ප්‍රථම මල්පූජාව සිදුකළ අවස්ථාව. විහාරාධිපති තිස්මඩ නන්දාරාමහිමි, ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඊට සහභාගි වුහ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති විශේෂ බෞද්ධාගමික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා සහභාගි වූ අයුරු. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය උප නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැය විසිහතර පුරාම විකාශනය වන පරිදි ‘බෞද්ධයා’ ගුවන් විදුලි සේවය සහ බෞද්ධයා රූපවාහිනි නාලිකාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් (15) විවෘත කැරිණි. ජනාධිපතිතුමා විකාශන යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමෙන් එම කටයුත්ත ඇරඹු අයුරු. ‘බෞද්ධයා’ මාධ්‍ය ජාලයේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති දරණගම කුසලධම්ම හිමියෝද මෙහි වෙති.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රට පුරා සෑම පාසලකම බොදු සිසු සිසුවියෝ ඉකුත් දා (13) දාන ශීල භාවනා වැඩසටහන්වල නිරත වූහ. දරුවන්ට ආදරය කරන පියකු මෙන්ම බුදුදහමට ලැදි රාජ්‍ය නායකයකු වශයෙන්ද සිසුන්ගේ ආගමික කටයුතුවලට එක්ව ආශීර්වාද කරනු පිණිස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ ආනන්ද, නාලන්ද, විශාඛා විද්‍යාල වෙත ගොස් ආගමික කටයුතුවල නිරත වූයේ ය. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාද ඊට සහභාගි වූ අතර කොළඹ විශාඛා විද්‍යාලයේදී ජනාධිපතිතුමා දානය පිරිනැමීමට සහභාගී වු අවස්ථාව සහ කොළඹ ආනන්ද විද්‍යාලයේදී ආගමික වතාවත් වලට සහභාගී වු අයුරු ආනන්ද විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඇතුළු එහි ආචාර්ය මණ්ඩලයද මෙහි වෙති.

ඡායාරූප
සුදත් සිල්වා
සාලිය රූපසිංහ
රුවන් ද සිල්වා
සුදත් මලවීර

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.

මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]