UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නාමල් පුදන්නට පරගොඩ රජමහා විහාරයට යමු


විනාශයට පත්වෙන සිතුවම් සහ ප්‍රතිමා

දෙවන පෑතිස්ස රජ සමයේ ඉදිකළ පරගොඩ රජමහා විහාරය අදවන විට අවදානමකට ලක්වී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව නගරය ආසන්නයේ පරගොඩ සුන්දර ගමෙහි පිහිටි පරගොඩ විහාරය මගින් සිදුවන ශාසනික ආගමික සංස්කෘතික මෙහෙවර ඉතා සුවිශේෂ වූවකි.


මැකීගිය සිතුවම්

දේවානම්පියතිස්ස රජු ශ්‍රී මහා බෝධියේ අංකුර තිස් දෙකක් රටපුරා රෝපණය කිරීමේ සාධු සම්මත මෙහෙවරට පිං සිදුවන්නට පරගොඩ විහාරය ඉදිවූ බව සඳහන් ය. මෙසේ බෝධියේ අංකුර රට පුරා රැගෙන යන අතරතුර පරගොඩ ගම්මානයට පැමිණ ඇති එම පරිස විඩාව සන්සිදුවා ගැනීම සඳහා බෝධි අංකුරය අසල තබා විවේක ගන්නට වූහ. පසුව දා මෙම පිරිස යළිත් ගමන් කිරීමට සුදානම් වන විට දැකිය හැකි වූයේ බෝධි අංකරය මුල් ඇද ඇති බව යි. ඒනිසා එම ස්ථානයේ බෝධි අංකුරය රෝපණය කිරීමට පියවර ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

පරගොඩ විහාරයේ පෞරාණික බව කියාපාන අනුරාධපුර යුගයට අයත් ලක්ෂණ වලින් සමන්විත සඳකඩපහණක් ද මෙහි දැකිය හැකි ය. දෙවනපෑතිස්ස රජුගේ සෙනෙවියකු විසින් මුලින්ම පරගොඩ විහාරය සකස් කර ඇත්තේ කන්දක් උඩ ගල් කුළක දැවයෙන් බව සඳහන් ය. පසුව දැවෙන් කල විහාරය විනාශ වූ අතර ක්‍රි.ව. 876 දී පරගොඩ විහාරය නැවත සකස් කළ බව කියැවෙ යි.මෙහි නුවර යුගයට අයත් චිත්‍ර මෙන්ම අනුරාධපුර කලාකරුවන්ගේ හැකියාව ද එක්ව චිත්‍රණය වී ඇති ආකාරය දැකිය හැකි ය. පැරණි කුඩා චෛත්‍ය මත කඤ්චක චෛත්‍යය ඉදිකර ඇත. ඉපැරැණි දේවාලය අද පවා දේව බැතිමතුනගේ වන්දනීය පූජණීය තත්ත්වයට හේතුවී ඇත.  පරගොඩ විහාරයේ සූවිසි පිළිම වහන්සේලා දැකිය හැකි ය. දේවාලය ද විහාරයේ පිහිටා ඇත්තේ හරි අපූරු ආකාරයට විහාර ගෙය තුළ ය.


ධර්ම ශාලාව

නාමල් පූජා කිරීමට ඇති ප්‍රසිද්ධිය නිසා සතර දිගින් සතර දෙසින් විහාරයට එන සැදෑවතුන්ගෙන් අඩුවක් නැත. විහාරයට එන ගමන් මගෙහි ඉතා පැරණි නා ගස් අද ද දැකිය හැකි ය. අතීතයේ ද නා ගස් බහුලව මෙම රමණීය පුදබිමේ දැකිය හැකිවූ බව සඳහන් ය.


විහාරයේ දර්ශනයක්

මහානුභාවසම්පන්න බෝධින් වහන්සේට පුද පූජා පැවැත්වීම බැතිමතුන් පැමිණීම දිනපතා දැකිය හැකි ය. මෙහි සිට යම් ප්‍රාර්ථනයක් සිදු කළහොත් එය ඉටුවන බවට විශ්වාසයක් පවතී. පැරණි ගල් කණු , ගල් පිහිල්ල, දෙවන පෑතිස් රජ සමයේ ඉදි කළ විහාරය, ආදි විහාර අංගයෝ අද ඉතිරිව ඇත.

නමුත් බොහෝ සාධක අදවන විට විනාශයට පත්ව ඇත විහාර ගෙය තුළ ඇති පිළිම හා සිතුවම් ද වහළ බිත්ති සොල්දර ආදිය ද විනාශ වෙමින් පවතී. පරගොඩ රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කිරිම වහ වහා සිදුවිය යුතුව ඇත. මෙම සුන්දර විහාරය රැක ගැනීම සඳහා පියවර ගැනීම වගකිව යුත්තන්ගේ යුතුකමකි.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]