UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පයාගල ගෝමරකන්ද, සමණක්කන්ද පුරාණ විහාරය


සැතපෙන පිළිම වහන්සේ

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල හන්දියෙන් හැරී යටදොළ පාරේ කිලෝ මීටර භාගයක් පමණ ගිය විට සමණක්කන්ද පුරාණ විහාරයට ළඟා විය හැකි ය.


චෛත්‍යය

භාවනායෝගී යෝගාවචර භික්‍ෂූන් වහන්සේලා රාශියක් වැඩ සිටි මෙම පින් බිම ප්‍රදේශයේ ඇති සෙසු වෙහෙර විහාර අතරින් ප්‍රධාන ස්ථානයක් ගනි යි. මෙහි ඇති විහාර මන්දිරය නුවර යුගයේ චිත්‍ර හා මූර්ති වලින් පිරී අලංකාර වී ඇත. සූවිසි විවරණය සම්පූර්ණයෙන් විශාල ලෙස මෙහි නිර්මාණය කර තිබේ. විහාර මන්දිරය තුළ ඇති විශාල හිටි පිළිම හා සැතපෙන පිළිමය නුවර යුගයේ කලා ලක්‍ෂණ පෙන්නුම් කරන අතර එහි ඇති මූර්ති සජීවී ආකාරයට නිමවා ඇත.

බොහෝ සංදේශ කාව්‍යයන් තුළ පයියාගල වෙහෙර යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මෙම විහාරය යි. මෙහි බුද්ධ මන්දිරය ඇතුළත කෞතුක වස්තූන්ගෙන් සපිරි කුඩා චෛත්‍යයක් පිහිටා තිබුණු බව සඳහන් වේ. පසු කාලීනව එම චෛත්‍යයේ කෞතුක වස්තූන් ද තැන්පත් කරමින් විහාර භූමියේ විශාල චෛත්‍යයක් ලෙසට ඉදිකර තිබේ. 1946 වසරේ දී එවකට කතානායකවරයාව සිටි ස්ටැන්ලි තිලකරත්න මහතා විසින් එම චෛත්‍යයට මුල්ගල තබා ඇත. 1817 වසරේ ඉදි කරන ලද දෙමහල් ධර්ම ශාලාවක් පිළිබඳ තොරතුරු ද නටබුන් ලෙස ඇති උළු කැටයක සටහන් වී තිබේ.

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සඝ පරපුරෙන් පැවැත එන විහාරය බෞද්ධ විහාර භූමියක ඇති සියලු අංගයන්ගෙන් පරිපූර්ණ ය. ශ්‍රේෂ්ඨ සඝ පරපුරකින් පැවැත එන විහාරය මාදුළුපිටියේ අත්ථදස්සී, පයාගල ආනන්ද යන නායක හිමිවරුන්ගෙන් ද පෝෂණය වී ඇත.

ප්‍රදේශයේ අති පූජනීය පැරණී විහාරයක් වන මෙහි වටිනා චිත්‍ර හා මූර්ති රැසක් මේ වන විට විනාශයට පත්වෙමින් ඇති බව වත්මන් විහාරාධිපති වත්තල අමරවංශ හිමියෝ පවසති. පුරා විද්‍යාත්මක වැදගත්කමින් පිරි සමණක්කන්ද පුරාණ විහාරය රැක ගැනීම බලධාරීන්ගේ යුතුකම ය.‍

 

 

 


ධර්ම ශාලා මන්දිරය

පැරණි සිතුවමක්

විනාශ වෙමින් පවතින මූර්තියක්

 

 

 

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]