UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කළ වෙළෙඳ නැව්තොට ලංකා පටුන

නැඟෙනහිර පළාතේ කොටිටියාර්පත්තුවට අයත් ලංකා පටුන හෙවත් පැරණි ලංකා පට්ටන නමින් ප්‍රසිද්ධ ස්ථානයේ පිහිටුවා ඇති ශ්‍රී සමුද්‍රගිරි විහාරය ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයකි.


මෑතක ඉදිකර ඇති චෛත්‍ය ඈතට දිස්වන අයුරු

ක්‍රි. පූ. 3 වන සියවසේ මහින්දා ගමනයත් සමඟ ශ්‍රී ලංකාව පුරාම ඇතිවූ බුදු දහමේ ප්‍රබෝධය නැඟෙනහිර ප්‍රදේශය පුරා ව්‍යාප්ත විය.

හේමමාලා කුමරිය හා දන්ත කුමරු ලංකා පටුන වෙළඳ වරායට ගොඩ බැස ලංකා පටුන චෛත්‍ය පිහිටි ස්ථානයේ ශිලා පර්වතය මතවූ දෙවොල තුළ දළදා වහන්සේ සුරක්ෂිතව තබා නොයෙක් පුද පූජා පවත්වා ඇත.


අලුතෙන් සාදා ඇති කුඩා බුදු මැදුර

ඉන්පසු රැය පහන් කොට අනුරාධපුරය දක්වා ගෙන ගොස් සිරිමේඝවර්ණ රජු හට දළදා වහන්සේ බාර කළ අවස්ථාවේදී හේමමාලා කුමරිය හා දන්ත කුමරු හට නොයෙක් තෑගි බෝග ලබා දී ඔවුන් දෙදෙනා සතුටු කළහ.

කොළඹ සිට කිලෝ මීටර් 300 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම ඓතිහාසික පුද බිමට සේරුවිල බස් රථයකින ් විත් අරිප්පු හන්දියෙන් පැස ලංකා පටුන දක්වා දිවෙන බස් රථයකින් ළඟාවිය හැකිය.පසුව මෙම ස්ථානයේ මහා සංඝ රත්නය සඳහා නොයෙක් අයුරින් පහසුකම් සළසා ගොඩනැගිලි ආදිය ඉදි කර තිබූ බවට පුරාවිද්‍යාත්ම ගවේෂණයන්ගෙන් සනාථ කර ගෙන ඇත.

දන්ත ධාතුන් වහන්සේ හට පුද පූජා පවත්වන ලද ශිලා පර්වතය මත ඉපැරණි දා ගැබක පේසාව කපරාරුව ඒ සඳහා භාවිතා කරන ලද බදාම කොටස් බොරදම අදටත් ඉතා හොඳින් ආරක්ෂා වී තිබේ.

දාගැබේ ගර්භය නිදන් හොරු විසින් විනාශ කර ඇති අතර ගඩොලින් නිම කරන ලද ගර්භ පාත්‍රයේ, කුටීර තුනක් කැනීමෙන් පසු සොයාගෙන ඇත. ඉතිරි සියලු කුටීර විනාශ වි තිබේ.

ඉපැරණි දාගැබේ පේසාව කපරාරු කිරීම සඳහා භාවිතා කර ඇත්තේ අනුරාධපුර යුගයට අයත් ඉදිකිරීම් තාක්ෂණය බව පැහැදිලි ය. ඊට අමතරව මෙම ස්ථානයේ බෝසත් ප්‍රතිමාවක් ද තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යා මතයක් පවතී.


පැරැණි චෛත්‍යයන් නටබුන්ව ඇති පේසාවළලු කොටස

මෙහි සංඝාරාමයේ විසූ මහා සංඝරත්නයේ පරිහරණය සඳහා මීටර් 58 දිගින් සහ මීටර් 23 ක් පළලින් යුතු විශාල පොකුණක් ද දාගැබට පහළින් තිබේ.

සේරුවිල නවෝදයේ ආදි කර්තෘන් වහන්සේ වන දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමියන් විසින් 1940 වර්ෂයේදී පමණ මෙම පුද බිම සොයා ගෙන ඇත.

වීරෝධාර රණවිරුවන් විසින් මාවිල්ආරු සොරොව්ව විවෘත කර ගැනීමට කළ මහා සංග්‍රාමයක් සමඟ ඓතිහාසික ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය ද පරසතුරු ග්‍රහණයෙන් මුදා ගැනීමට හැකිවිය.

නැඟෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ මෙහෙයවීමෙන් දහස් සංඛ්‍යාත බැතිමතුන් හට කිසිදු අවහිරයකින් තොරව වැද පුදා ගැනීමට සියලු පහසුකම් සලසා ඇති අතර සිංහල දෙමළ මුස්ලිම් කිසිදු භේදයකින් තොරව මෙම පූජනීය භූමිය දැක බලා ගැනීමට පැමිණීම ද විශේෂත්වයකි. මෙහි මුදුන් තලයේ මෑතකදී ඉදි කරන ලද ආරුක්කු මත ඇති කුඩා චෛත්‍ය මෙම ස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකමට නොගැලපෙතැයි සිතේ.

 

 

 

 

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]