UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය
ප්‍රදේශයට ආලෝකයක් වූ

කටාන බෝලගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය

අන්‍යාගමිකයන් බහුලව වෙසෙන මීගමු පුරවරයේ බෞද්ධයන් අතර පවතින්නේ දැඩි එකමුතුවකි. මේ එකමුතුකම වෙනුවෙන් මීගමුව සහ අවට ප්‍රදේශවල පන්සල් සහ ඒවායේ වැඩ වාසය කරන භික්‍ෂූන් වහන්සේලාගෙන් ලැබෙන්නේ අප්‍රමාණික දායකත්වයකි.

කටාන බෝලගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය අයත් වන්නේ ද ඉහත කී දායකත්වය ලබා දෙන ප්‍රාදේශීය විහාරස්ථාන අතරට ය. එහි අධිපතිත්වය දරමින් වැඩ වාසය කරන ගලඋඩ පාලිත මහා ස්ථවිරයන් වහන්සේ බෝලගල ඕතරවාඩිය මඩම්පැල්ල ආදී වූ ගම් රාශියකම බෞද්ධ ජනතාවට මාර්ගෝපදේශකයානන් වහන්සේ නමක් ලෙස සේවය කරති.


ගලඋඩ පාලිත නා හිමි

බෝලගල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයට හිමි වන්නේ වසර 200 කටත් වඩා වැඩි ඉතිහාසයකි. ක්‍රිස්තු වර්ෂ 1700 යේ අග භාගයේ පමණ සිට පුරාණ විහාරස්ථානය ස්ථාපිතව තිබූ බවට ලිඛිත සාක්‍ෂි තිබේ. ආරම්භයෙන් පසු වරින් වර වල් බිහිවෙමින් යළිත් සුදිලෙමින් ශාසනික මෙහෙවරට දායක වූ මෙම විහාරස්ථානය විසිවැනි සියවස ආරම්භයෙන් පසු අඛණ්ඩ පැවැත්මකට හිමිකම් කීවේ ය. එතැන් සිට පන්සල මූලික කර ගනිමින් ප්‍රදේශයේ වැසියන්ගේ ජන ජීවිතය ධාර්මක කරනු වස් කළ මෙහෙවර ප්‍රසංසනීය වේ. විසිවැනි සියවසේ ආරම්භයේදීම ඇරැඹි දහම් පාසල, බෝධි පූජා වැඩසටහන්, පොසොන් මිහිඳු පෙරහර මෙන්ම ප්‍රදේශයෙ දරුවන්ගේ නෙත් ආරම්භ කෙරුණු සිංහල, බෞද්ධ පාඨශාලාවද මෙම විහාරස්ථානයේ ප්‍රමුඛත්වයෙන් ප්‍රදේශයට ලැබුණු තුටු පඬුරු ලෙස පෙන්වා දිය හැකි ය.

එවකට රටේ සිංහල බෞද්ධ ප්‍රජාවට නිදහස් අධ්‍යාපනය ලබා දීමට කැප වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ අරමුණ සමග ඇරඹි ඕතරවාධිය ප්‍රාථමික විද්‍යාලය පුරාණ විහාරස්ථානයට අනුබද්ධිතව පවතී. එතුමා අධ්‍යාපන ඇමැති ධුරය හොබවමින් සිටි වකවානුවේ ආරම්භ කළ මෙම පාඨශාලාවේ ලොග් සටහන් පොතෙහි ප්‍රථමයෙන් එතුමා ලියූ අකුරු පෙළ, අත්සන ද තවමත් සුරැකිව පැවතීම සුවිශේෂී කරුණකි. පාසලේ පැවැත්මට පන්සලෙන් ලැබෙනුයේ මහඟු දායකත්වයකි.

බෝලගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයෙ විහාරාධිපති ගලඋඩ පාලිත මහා ස්ථවිරයන් වහන්සේ පන්සලේ, පාසලේ මෙන්ම ප්‍රදේශයේද අභිවෘද්ධියට ලබා දෙන්නේ අති විශාල සහයෝගයකි. උන්වහන්සේගේ අනුශාසනා මත ප්‍රදේශ වැසියෝ තම ජීවිත හැඩ ගස්වා ගැනීමට නිරතුරුව පෙළඹී සිටිති. පූජ්‍ය ගලඋඩ පාලිත මහා ස්ථවිරයාණන් සුසිල්වත් භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස ප්‍රදේශවාසීන්ගේ ද නොමද ගෞරවාදරයට පාත්‍ර වී ඇත.


බෞද්ධ මන්දිරයේ දර්ශනයන්

උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමිකරගෙන ඇත.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සුධර්මාකාරක සංඝ සභාවේ අනුමැතියෙන් එම නිකායෙ කොළඹ දිස්ත්‍රික් සංඝ සභාවෙ ජින සාසන කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය යන ගෞරව නාම සහිත සම්මාන උපාධියක්ද 2003 වසරේ දී උන්වහන්සේට පිරි නමා ඇත.

විදේශයන්හි ද ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කැපවූ ගල උඩ පාලිත ස්ථවිරයන් වහන්සේ කැනඩාව, ඇමරිකාව, ඉන්දියාව, සිංග්ප්පූරුව, මැලේසියාව යනා දී රටවල් රැසක සම්බුද්ධ ශාසනය බබලවාලීමට කටයුතු කළ සේක.

පන්සල ප්‍රධාන කොට ගනිමින් වාර්ෂිකව දහම් පාසල් නිල ඇඳුම් සහ ත්‍යාග ප්‍රධානෝත්සවයක් ද ක්‍රියාත්මක වන අතර පන්සලට පැමිණෙන සැදැහැවතුන්ගේ පුද පූජා කටයුතු වෙනුවෙන් බෝධිඝරයක් ද, ධර්මශාලාවක්ද, ඉදිවෙමින් පවතී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරී ගලගමුවේ සෝභිත ස්වාමීන්වහන්සේද මෙකී කටයුතු සඳහා ස්වකීය දායකත්වය ලබා දෙමින් බෝලගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරති.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අප්‍රේල් 02 වන දා සෙනසුරාදා අපර භාග 05.36 ට ලබයි.
03 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 11 වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]