Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

42 වන කොටස

188. බහුං වෙ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චෙත්‍යානි – මනුස්සා භය තජ්ජිතා

බියෙන් තැති ගැනුණු අය – බියෙන් අත් මිදෙන්නට – ගස් ගල් ද වනපෙත් ද නොයෙක් විට සරණ යති.

හිතවතුනි, ඔබේ සිත - නොසන්සුන් වෙලාවට – ගනු ලබන තීරණය – නිවැරැදි නොවන්නේ ය.

189. නේතං ඛො සරණං ඛෙමං - නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති.

ගස් ගල් ද වනපෙත් ද - සරණ ගොස් පලක් නැත – දුකින් අත් මිදෙන්නට එයින් පිහිටක් නොවේ.

හිතවතුනි, ලෝකයේ උතුම් දහමකින් මිස වෙනත් කිසිවකින් කිසි පිහිටක් නොවන්නේ ..ය.

190. යො ච බුඬඤ්ච ධම්මඤ්ච - සංඝඤ ච සරණං ගතො
චත්තාරි අරිය සච්චානි - සම්මප්පඤ්ඤාය පස්සති

යම් කෙනෙක් තුණුරුවන් වැඳ සරණ ගියේ නම් – දිනෙක හේ සිව් සස් ද දැන ඉගෙන ගන්නේ ය.

හිතවතුනි, තුණුරුවන් - සරණ ගිය තැනැත්තා දුකින් ගැළවෙන්නේ ය. නුවණත් ලබන්නේ ය.

191. දුක්ඛං දුක්ඛ සමුප්පාදං - දුක්ඛස්ස ච අතික්කමං
අරියඤ් චට්ඨංගිකං මග්ගං - දුක්ඛූපසමගාමිනං

දුක දුකට හේතුවත් – නිවන නිවනට මගත් – අරි අටැඟි මහ මගත් – අරිසස් ම වන්නේය.

හිතවතුනි, ලෝකයේ නියම මග හෙළි කරන ආගමක් නොවන බණ බුදු දහම වන්නේය.

මතු සම්බන්ධයි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.