| 
			 
			
			 වහුමුවේ විජයවංස නා හිමි
 
			ප්රශ්නයසකල සත්වයා කෙරෙහි හිතානුකම්පාව දැක්වීම බෞද්ධ ඉගැන්වීම බව “සබ්බේ 
			සත්තා සංකල්පයෙන්” අවධාරණය කෙරේ. සූත්‍ර දේශනා ඇසුරෙන් මෙය පැහැදිලි 
			කරන්න.
 
			පිළිතුරකරණීය මෙත්ත සූත්‍ර දේශනාවට අනුව මවක් තම එකම පුතු යම් සේ රකින්නේ ද 
			එහෙයින්ම සව් සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් සිත වැඩිය යුතු ය. (අං.නි) 
			මෙත්ත සූත්‍රයෙහි සඳහන් වන්නේ අපා - දෙපා - සිවුපා බහු පා සව් සතුන් 
			වෙත මාගේ මෛත්‍රිය වේවා.
 
			අපාදකෙහි මෙ මෙත්තංමෙත්තං දිපාදකෙහි මෙ
 චතුජ්පිදෙහි මෙ මෙත්තං
 මෙත්තං බහුප්ප දෙහි මෙ
 සබ්බේ - සත්තා සබ්බේ පාණා
 සබ්බේ භූතා ච කෙවලා
 සබ්බේ භද්‍රානී පස්සන්තු
 මා කංචි පාප මා ගමා
 
			සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ යන හැමදෙන හිතකාමී දේවල් 
			දකිත්වා. කිසිවෙකු කරා අහිත දැයක් නොඑළඹේවා යනුය. සංසාරික 
			ප්‍රවෘත්තියෙහිද (ගමනෙහිදී) මිනිසාට නොනෑවූ කිසිවෙකුත් මිනිසුන් අතර 
			තබා තිරිසන් සතුන් අතර ද නොවේමය. 
			ප්රශ්නයසත්ව ප්‍රජාව තුළ මිනිසාට විශිෂ්ට ස්ථානයක් හිමිකර දෙන බුදු දහම 
			‘සංයුත් සඟියේ ජිග්ගල’ සූත්‍රයේ එන පරිදි මහ මුහුදෙහි එක් සිදුරක් ඇති 
			විය දණ්ඩක එම සිදුරෙහි සියවසකට වරක් උඩ එන කන කැස්බෑවෙකු ගෙල 
			පිවිසෙන්නට ඉදින් අවස්ථාවක් ලබන්නේ ද නුසුදුසු තැනක සිට මිනිසත් බව 
			ලැබීම ඊට ද වඩා අපහසු දුර්ලභ කරුණකැයි සඳහන් කරයි. කිච්චො මනුස්ස 
			පටිලාහෝ මෙසේ සෙසු ජීවීන් අතර විශිෂ්ටයා වූවද සමාජය තුළ පරමාධිපත්‍යයක් 
			බුදු දහම ඔහු වෙත පවරා නැත. පැහැදිලි කරන්න.
 
			පිළිතුරමිනිසාද හේතු ප්‍රත්‍ය සමවායක ප්‍රතිඵලයක් නිසා එම ධර්මතාවයට අනුව ඔහුද 
			පැවතිය යුතුමය. ‘නළකලාප සූත්‍රය පෙන්වාදෙන පරිදි එකිනෙක නොවැටී කෙළින් 
			එකට නැඟී සිටින බටදඬු දෙකක් මෙන් සාපේක්‍ෂකව පැවැතිය යුතු ය. ඉන් එකක් 
			ඉවත් වුවහොත් අනෙකද වැටේ. මිනිසාට නැඟී සිටිය හැක්කේ හේතුප්‍රත්‍ය 
			රාශියක එක්වීමෙනි. පතිරූපදෙස වාසය මෙන්ම සප්පුරිස ආශ්‍රයත් දියුණුවට 
			මූලික හේතුවක් වෙයි.
 
			භෞතික පාරිසරික සාධකය මෙන්ම සමාජ සාධකයද මිනිස් ප්‍රගතියෙහිලා මූලික 
			වෙයි. මිනිසා සතු සිය කැමැත්ත සේම (ස්වච්ඡන්දතාවය) කුසගින්න, දිරායාම 
			වැනි සාධක මිනිස් සමාජයට ද පොදුය. ආර්ථික හේතූන් පමණක් නොව සංස්කාරයන් 
			සතු මූලික ලක්‍ෂණය වන අනිත්‍යතාවයද මිනිසා කෙරෙහි ආධිපත්‍ය පතුරුවයි. 
			මේ සියලුම කරුණු තුඩු දෙන්නේ මිනිසා ලෝකයෙහි සත්ව ප්‍රජාව තුළ විශිෂ්ට 
			ස්ථානයක් විනා පරමාධිපත්‍යයක් ලබා නොමැති බවය. 
			ප්රශ්නයදඹදිව නාලන්දා නුවර, විසූ ඉතා ධනවත් ගෘහපතියෙක් වූ ජෛන නිගණ්ඨනාථපුත්ත 
			ශාස්තෘවරයා අමතා මෙසේ කියයි. “මම බුදුන් හමුවට ගොස් දිගලොම් ඇති 
			එළුවෙකු ලොම් වලින් ඔබමොබ ඇද වෙහෙසට පත්කරන්නාක් මෙන් බුදුන් හා වාද 
			කොට වෙහෙසට පත් කරන්නෙමි.මෙසේ කියූ මේ තැනැත්තා කවුද?
 
			පිළිතුරජෛන මහාවීර ශ්‍රාවක උපාලි ගහපති.
 
			ප්රශ්නයසිය සැමියාට තම චරිතයෙහි උසස් ගුණ සිහිකරමින් සත්‍ය ක්‍රියාකොට සිය 
			සැමියා සුවපත් කළ උත්තම කාන්තාවගේ නමකුමක්ද?
 
			පිළිතුර නකුලමාතාව
 
			ප්රශ්නයබෞද්ධ සීලය පැරැණි භාරතීය සමයවාදීන් අතර වූ ව්‍රත සමාදන් වීමක් නොවේ. 
			අජ ව්‍රත - ගෝව්‍රත – උදකොරොහන ව්‍රත ආදී ව්‍රත සමාදන් වීමක් නොවේ. 
			“සීල පරිභාවිතො චිත්ත සමාධි” පරමාර්ථ සාධනය සඳහා ආදී මරණයක් (පළමු 
			හැසිරීමක) පමණි. බෞද්ධ සීලයෙහි විවිධ ප්‍රභේදයන් අතර හීන සීල – මජ්ඣිම 
			සීල – පණීත සීල යනුවෙන් කොටස් තුනකි. පැහැදිලි කරන්න.
 
			පිළිතුර කීර්ති ප්‍රශංසා - භවභෝග සම්පත් කැමතිව සමාදන්ව රක්නා ශීලය හීන ශීලයයි. 
			සිල් රැකීමෙන් මතු උසස් කුල උපතක දිව්‍ය සම්පත් ලැබීම සඳහා සිල් රැකීමක 
			මධ්‍යම සීලයයි. සියලු සතුන් සසරින් එතෙර කරනු සඳහා රකිනු ලබන බෝසත් 
			සීලය ප්‍රණීත සීලය නම්වෙයි.
 
			ප්රශ්නයබුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේ අරභයා දේශනාකොට වදාළ ජාතක 
			කථා දේශනාව කුමක්ද?
 
			පිළිතුරචුල්ල සෙට්ඨි ජාතක කතා ධර්ම දේශනය චුල්ල පන්තක තෙරුන් අරභයා දේශනාකොට 
			වදාළහ.
 
			ප්රශ්නයචතුයාම ‘සංවරවාදය’ ඉදිරිපත් කළ බුද්ධකාලීන ශාස්තෘවරයා කවුද?
 
			පිළිතුරජෛන මහාවීර හෙවත් නිගණ්ඨ නාථ පුත්ත ශාස්තෘවරයා විසින් චතුයාම සංවරවාදය 
			ඉදිරිපත් කළේ ය.
 
			ප්රශ්නයසද්ධර්මය - සන්දිට්ඨික – අකාලික – එහි පස්සික, ඕපනයික – පච්චත්තං වෙදි 
			තබ්බ යන ගුණයන්ගෙන් යුක්තය. මෙහි ‘සන්දිට්ඨික’ දහම් ගුණය පැහැදිලි 
			කරන්න.
 
			පිළිතුරදිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨ නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු 
			වූ යමක් ඇත්ද? ඒ සන්දිට්ඨිකය නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය, භාවනා 
			ප්‍රතිවේධ වශයෙන්ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් 
			සසර බිය නැවතී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නාසේම මනා 
			දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වේ.
 
			ප්‍රශ්නය අමරා වික්ඛෙපවාදය ඉදිරිපත් කළ ශාස්තෘවරයා බුද්ධ කාලීන අයෙකි. ෂට් 
			ශාස්තෘවරුන් අතරෙන් ඉතා දුර්වල අදහස් ඉදිරිපත් කළ මොහුගේ නම කුමක්ද?
 
			පිළිතුරසංජය යනු මොහුගේ ආරම්භක නාමයයි. පියාගේ පරපුරෙහි නාමයත් එකතු වීමෙන්, 
			සංජය බෙල්ලට්ටී පුත්ත නම් වූ ඔහු අමරා වික්ඛෙපවාදය ඉදිරිපත් කළේ ය.
 
			ප්රශ්නයබුදුරජාණන් වහන්සේගේ, සයවන වස් කාලයෙහි බිම්සර මහරජුගේ අගමෙහෙසියක් රූප 
			මදයෙන් මත්ව සිට පසුව බුදුරදුන් වෙතින් මහානිදාන සූත්‍ර දේශනාව අසා 
			සෝවාන් වූවා ය. රජුගෙන් අවසරගෙන පසුව පැවිදිව පහනක ඇවිලීමත් නිවීමත් 
			අරමුණුකොට විදසුන් වඩා රහත් වූවා ය. මේ තැනැත්තියගේ නම කුමක්ද?
 
			පිළිතුරබිම්බිසාර මහ රජුගේ අගමෙහෙසිය වූ ඛේමා බිසව බුදුබණ අසා විදසුන් වඩා 
			රහත් වූවාය.
 
			ප්රශ්නයසැබෑ බෞද්ධයෙකු හැඳින්වීම සඳහා සද්ගුණවත්, ධනපති, දානපති යන සම්මානනීය 
			නාමයන්ගෙන් බුහුමන් ලබයි. බෞද්ධ පිළිවෙතට අනුව “ධනපති” යන්න ආර්ය ධන 
			සතක් වශයෙන් (සප්ත ආර්යධන) පෙළ දහමෙහි හඳුන්වාදී ඇත. බාහිර ව්‍යවහාරික 
			ධනයන්ට වඩා මෙම සද්ගුණ වඩා උසස් වෙයි. ‘අරිය’ යන්න උත්තම උසස් යන 
			අර්ථයන්හිම විවරණය වෙයි. සප්ත ආර්ය යන්න පැහැදිලි කරන්න.
 
			පිළිතුරසද්ධා ධනං - සීල ධනං
 හිරි ඔත්තප්පියං ධනං
 සුත ධනංච චාගොච
 පඤ්ඤ මෙ සත්තමං ධනං
 ශ්‍රද්ධාව, ශීලය, ලැජ්ජවා, භය, ශ්‍රතවත් බව, පරිත්‍යාගය, ප්‍රඥාව
 
			ප්රශ්නයසිත ආවරණය කරන දියුණුව වළකන දේ වශයෙන් සළකන පංච නීවරණයන්ගෙන් එකකි 
			කාමච්ඡන්ද නීවරණය. පැහැදිලි කරන්න.
 
			පිළිතුර රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පංචවිධ පි‍්‍රය ජනක අරමුණ විෂයෙහි 
			ඇලීම කාමච්ඡන්දයයි. මෙය සත්වයා සසර බැඳ තබන සංයෝජනයක් වශයෙන් ද 
			හැඳින්වෙයි. සිත් ගන්නා සුළු කාම වස්තූන් නිසා සාමාන්‍ය පුහුදුන් සිත් 
			සතන් ව්‍යාකූල තත්ත්වයට පත් කරයි. මෙම නීවරණය එබඳු අවුල් මනස 
			ඒකාග්‍රතාවයක් සඳහා යොමුකොට ධ්‍යාන ආදී උසස් මානසිකත්වයක් ගොඩනැඟීමට 
			ආධාරවෙයි. සකෘදගාමී වනවිට කාමච්ඡන්දය දුර්වල කරන අතර අනාගාමී වීමෙහිදී 
			මුළුමනින්ම කාමච්ඡන්ද නීවරණය ප්‍රහීන වෙයි.
 
			ප්රශ්නයපහතරට ප්‍රදේශයේ එක් අවස්ථාවක පිරිහී ගිය ධර්ම ශාස්ත්‍රීය සේවාව නැවතත් 
			ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළ මහතෙරුන් වහන්සේගේ නම 
			කුමක්ද?
 
			පිළිතුර වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් 
			පහතරට ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහි පුරෝගාමී විය.
 |