UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි කිරීමේ පින්කමක්

ගාල්ල තල්ගස්වල, නියාගම පදිංචි එම්.එම් දයානන්ද මහතාගේ සහ කේ.ජී. චන්ද්‍රලතා මහත්මියගේ පුත්‍රයා වන ගාල්ල මාපලගම සිරිසුනන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්.එම් ප්‍රසන්න මධුසංඛ කුමරුවා ඔක්තෝබර් මස 24 වන දින පෙරවරුවේදී උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාමයේදී පැවිදි බිමට පත් කැරේ. මෙම කුමරුවා උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරාධිකාරි උඩුගම සාරානන්ද හිමියන්ගේ හා විහාරාධිපති ශාස්ත්‍ර‍්‍රවේදී උඩුගම සමිත නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්වේ. මීට සමගාමීව විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාවද සිදුකෙරෙන අතර ඔක්තෝබර් මස 24 වන දින දවල් මහා සංඝගත දක්ෂිණාවකි. ගාලු පළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ සිට අපවත් වී වදාළ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන්ගේ ගුණසමරු පින්කමද මීට සමගාමීව පැවැත්වේ.

 


වරකාපොල මාහේනගම ඩඩ්ලිසේනානායකාරාමයේ දී “2600 සම්බුද්ධ ජයන්තිය”ට සමගාමීව මාතර දෙනිපිටියේ පදිංචි ජේ.ඒ. ආරියසේන මහතා සහ එම මහත්මියගේ දෙටු පුත් ජේ.ඒ. ගයාන් දසන්ත සහ බුත්තල පදිංචි එච්.එම්.මුතුබණ්ඩා මහතා සහ මහත්මියගේ කනිටු පුත් එන්.එම්. වසන්ත කුමාර හා කෝට්ටේ මාදිවෙල පදිංචි ඒ.අබේසිංහ මහතා සහ එම මහත්මියගේ දෙටු පුත් ඒ. රජිත හිරුෂාන් යන කුමරුවරුන් මෙම මස 30 දින පෙරවරුවේ අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඩඩ්ලිසේනානායාරාමයේදී සසුන් ගත කිරීමට දෙහිවල චන්ද විසුද්ධි හිමියෝ කටයුතු යොදා ඇත.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]