UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදුරදුන් හමු වූ විවිධ පුද්ගලයන් අතර සුවිශේෂ වූ අයෙකි. ‘සීහසේනාපති’ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහිදී බැහැදුටු බුදුරදුන්, දන්දීමෙහි දී තමන් ඉදිරියෙහි දීම දැකබලාගත යුතු දන්දීමෙහි පල විපාක පිළිබඳව සංවාදයක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාන්දෘෂ්ටික දානානි ශංස පිළිබඳ බුද්ධ දේශනාවක් බුදුදහමට එක්විය. ඒ පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර
සන්දිට්ඨිකං දානඵලං

සාන්දෘෂ්ටික දානඵල මෙසේය.

1. ජනපි‍්‍රය බවට පත්වීම
2. ඔහු නිරතුරු සත්පුරුෂ ආශ්‍රයට ළංවන අතර සද් ධර්මයම පිළිවෙතක් කර ගනියි.
3. සත්පුරුෂ දානපති කිතුගොස දසත පැතිරේ.
4. පිරිස් මැද අභීතව නොමකුව (අමංකු භ තො) නැගී සිටියි.
5. මෙලොව පමණක් නොව දානපති (සම්පරාධික) පරලොව ද සුගති ගාමි වෙයි.


ප්‍රශ්නය
පෙලදහමට අනුව දන්දීම බෝසත් ගුණයකි. මෙම සද්ගුණයෙහිදී සුවිශේෂ වූ දානයක් වශයෙන් සුදුසු කළ සුදුසු පුද්ගලයන් වෙතම දීම දානානිශංස මහත්ඵල මහානිශංස ගෙනදීමට හේතුවෙයි. මේ අනුව සුදුසු කාලය පිළිබඳව බුද්ධ දේශනාව කුමක්ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
1. ආගන්තුක වශයෙන් පැමිණෙන තැනැත්තා.
2. (ගමික) ග්‍රාමවාසී දැහැමි අයෙක්.
3. (ගිලානස්ස) ගිලන් අයෙක්.
4. දුර්භික්‍ෂ වූ - අවස්ථාවක දීම
5. (නව සස්සාන) නව ශග්‍ය නවඵල වලින් දන්දීම.

මෙහිදී කාල වශයෙන් පුද්ගලයන් නාමික වශයෙන් සඳහන් වෙතත් ‘කාලදාන’ වශයෙන් බුදුරජාණන් වහන්සේ අවස්ථා පහක් වශයෙන් දන්දීමෙහි ශ්‍රේෂ්ඨත්වය අනුදැන වදාළහ.


ප්‍රශ්නය
බුදු දහමට අනුව දානපති දායක විසින් සාන්දෘෂ්ටික ඵලනෙලා ගැනීමට අනතුරුව ප්‍රතිග්‍රාහක ලබාගන්නා තැනැත්තා ද (පංච ඨානානි) ආනිශංස ලබාගනී. ඒ මොනවාද?

පිළිතුර
දානපති විසින් ප්‍රතිග්‍රාහක (ලබන්නා) ආයුෂ දී දෙවි මිනිස් ආයුෂ හිමිකම් ලබාගනී. දානපති විසින් ප්‍රතිග්‍රාහයක පක්‍ෂය වෙත වර්ණය සැප, බලශක්තිය, (පටිභානං) වැටහීම කල්පනා ශක්තිය ද ලබා දෙයි.


ප්‍රශ්නය
බුදු දහමෙහි එන අතිශයින්ම වැදගත් දේශනා පාඨයකි මේ. “සෙය්‍යථාපි භික්ඛවේ සුභූමියං චාතුම්මහාපථෙ මහා නිග්‍රොධො සමන්තා පක්චීනං පටිසරණං හොති. එව මෙව ඛො භික්ඛවෙ සද්ධො කුලපුත්තො බහුනො ජනස්ස පටිසරණං හොති” “යහ බිමක මහ නුගරුකක් මෙන් සැදැහැසිත් ඇති සත් පුරුෂයා බොහෝ දෙනාට පිහිටවෙයි. පරෝපකාරයෙහි නියැලුණු මෙම සත්පුරුෂ කුලපුත්‍රයාගේ ගතිලක්‍ෂණ පැහැදිලි කරන්න.

පිළිතුර
අනුන් යහපත පතන සත්පුරුෂයා පළමුකොට සැදැහැසිතැතියෙකු ම සොයා බලා උපකාර කරයි. එසේ නොමැතිනම් ඉදිරියෙහිදී ආගන්තුකව හමු වූ සැදැහැවතෙක් සඳහා අනුග්‍රහ දක්වයි. සැදැහැසිත් නැති අයෙකු කෙරෙහි ඔහුගේ අනුග්‍රහයක් නැත. මෙසේ සැදැහැසිත් ඇත්තහු කරාම එළඹ සැදැහැවතෙක් හමු නොවුනහොත් දහම් දෙසන්නෙක්. ආදීවශයෙන් දැහැමි අයෙක්ම සොයා උපකාරය කරනු විනා සැදැහැසිතක් නැති දහමින් තොර අයෙකුට කිසිවිටකත් අනුග්‍රහ නොදක්වයි.


ප්‍රශ්නය
පුද්ගල යහපත ආශ්‍රය, නිශ්‍රය, හා උපනිශ්‍රය මත සිදුවන බව මහාමංගල ආදී සූත්‍රදේශනාවලදී දක්නට ලැබෙයි. පෙළ දහමට අනුව ‘පබ්බත රාජං නිස්සා ය මහාසාලා පංචහි වඩ්ඩහී වඩ්ඩති’ යනුවෙන් හිමවත් පරුවත රාජයා නිසා වනගත ගස්වැල් ලා දළු ඵල පෙත් හා ගෙඩි හටගන්නා සේ සැදැහැති කුලපුතුන් නිසා අන්තොජනො ඇතුලුදනා කරුණු පසකින් වැඩිදියුණුවට පත්වන්නේ ය. මෙම කරුණු පස මොනවාද?

පිළිතුර
සැදැහැති කුලපුත්‍රයා නිසා ඇතුලු ජනයා (අන්තොජනො) සැදැහැයෙන් වැඩෙයි. ශීල, ශෘත, ත්‍යාග, ප්‍රඥා, ධන සද්ගුණයන් ගෙන ඇතුලු ජනයා වැඩිදියුණුවට පත්වන්නේ ය.


ප්‍රශ්නය
බෞද්ධයෙකු තමා උපයාගන්නා ධනය කෙසේ හෝ ධනය යන තේමාව නොපිළිගනී. ධනය උපයා ගැනීමෙහි දී ද හෘදය සාක්‍ෂියක් ඔහුට තිබිය යුතු ය. තම සන්තකය, ‘උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි, බහාබල පරිචිතෙහි, ධම්මිකෙහි, ධම්මලද්දෙහි’ යනුවෙන් පරම නිෂ්ඨාව වූ උපයාගත් භෝගය, දහඩිය වගුලා, උත්සාහයෙන් උපයාගත් දැහැමි එකක් බවට ඔහුට ඔහුම වගකිවයුතු ය. එම දැහැමි භෝගය බෙදා හැරීමෙහි දී දැහැමි බව පැවැතිය යුතුම බව බුදු දහම අවධාරණය කරයි. පාරිභෝජක භෝගය බෙදී යන ආකාර පහකි පැහැදිලි කරන්න.

පිළිතුර
බුදු දහමට අනුව, සිඟාලක සිටුපුත්‍රයාට වදාළ පරිදි දැහැමින් හෙලු දහඩිය මුගුරු ඇති භෝගයන් පරිභෝජනය කිරීමෙහි දී ද අජ්දධු මරණං, අනාථමණං වැනි තමා විනාශය සඳහා යොදා නොගෙන උපරිම යහපත සඳහා යොදාගත යුතු ය. පළමු කොටම ශ්‍රමදායක වන තමා ධනය පරිභෝජනය කොට සුවපත් විය යුතු ය. දෙමව්පියන් දූ පුත්, දැසි දසුන් සුවපත් කළ යුතු ය. එසේම මිත්‍රාමාත්‍යයන්ට සැලකිය යුතු ය. තුන්වන භාගය අනාගත උවදුරකදී ප්‍රයෝජනය සඳහා තැන්පත් කළ යුතු අතර රාජබලි ආදි පංචවිධ වූ බලි සඳහා යෙදවිය යුතු ය.

තම දහදිය මහන්සියෙන් උපයාසපයා ගත් භෝගයෙන් පස්වෙනුව, උදග්ගිකං ද ක්ඛිනං පතිට්ඨාපෙසි මතු ආත්ම භාවයන්හිදි මෙබඳු භෝග සම්පත් ලැබීම සඳහාත් දෙව්ලොව දිව්‍ය සම්පත් සඳහා හේතුවන්නා වූ දක්ඛිණාර්හයන් උදෙසා දන් දිය යුතු ය. මෙබඳු ධන පරිභෝජනයෙන් තෘප්තියට පත් පුද්ගලයා ‘යදත්ථං භොගං ඉච්ඡෙය පණ්ඩිතෙ සිරමාවඩිං සො මෙ අත්ථො අනුප්පත්තො කතං අනුතප්පියං’ යනුවෙන් ධනය දැහැමින් රැස් කළේ ‘මා විසින් වළඳන ලදහ’ (භූත්තා භොගා) පෝෂණය කළ යුත්තෝ ද පෝෂණය කළෙමි. (භතාභච්චා) ආපදාවකදී ඵල ප්‍රයෝජනය සඳහා (විතිණ්ණ ආපදාසුමෙ) තැන්පත් කොට ඇත. දක්‍ෂිණාර්හය සහ පංචබලි සඳහා ද ධනය යෙදවීමි. එසේ නම් පසුතැවිලි වීමට හේතුවක් නැත.


ප්‍රශ්නය
මහපොළොවට වැටුණා වූ වර්ෂාව ‘මහ මෙඝො සබ්බසස්සානි සම්පාදෙනිතො’ සියලු භෝග සම්පත් වඩා වැඩිවීමට හේතු වන්නේ ද සත්පුරුෂයාගේ මෙලොව පහළ වීමට සියලු දෙනාගේම යහපත පිණිස වන්නේ ය. සත්පුරුෂයාගේ ලොව ජන්මයේ යහපත් ඵල මොනවාදැයි පැහැදිලි කරන්න.

පිළිතුර
සත්පුරුෂයාගේ උපත බොහෝ දෙනාගේ හිත සුව පිණිස පවතී. සත්පුරුෂයාගේ දෙමව්පිය, අඹුදරු, දාස කම්කරු ආදී තමා වෙතින් යැපෙන්නන්ට ද හිත සුව වන්නේ ය. සග යහළුවනට වැඩ පිණිස වන්නේ ය. එසේම මහණ බමුණන්ට ද හිත පිණිස වැඩ පිණිස වන්නේ ය.

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]