UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බුද්ධ කාලීන දඹදිව “බුද්ධදාස “ රජතුමා විශේෂ හේතුවක් නිසා ජනප්‍රසාදයට ලක්විය. එම සුවිශේෂ වූ හේතුව කුමක්ද?

පිළිතුර
මිනිසුන්ට පමණක් නොව උරඟ ආදී සතුන්ටද වෙද හෙදකම් සහ සැත්කම් කළ නිසා බෞද්ධ ශ්‍රාවකයන් මෙන්ම රටවැසියන් අතරද බුද්ධදාස රජතුමා බුහුමනට ලක්විය.


ප්‍රශ්නය
තොටගමු විහාරයේ වැඩසිටි රණස්ගල්ලේ මාහිමිපාණන් රචනා කළ කාව්‍ය ග්‍රන්ථය කුමක්ද?

පිළිතුර
ලෝකෝපකාරය


ප්‍රශ්නය
උත්පලවණ්නා තෙරණිය රහත්ඵලයට පැමිණියේ විශේෂ දර්ශනයක් අරමුණු කොට බවුන් වැඩීමෙනි. පැහැදිලි කරන්න.

පිළිතුර
උපෝෂථාගාරයේ පහන් දල්වමින් සිටියදී ඇවිලෙනා පහන් සිළුවක් දෙස බලා සිට “තේජො” කසිණ සමාපත්තියට සම වැද සිව්පිළිසිඹියාපත් රහත් ඵලය පත්වූවාය.


ප්‍රශ්නය
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා උඩරට රාජධානියේ රජ කළ අයෙකි. විශේෂ හේතුවක් නිසා මෙම රජතුමා වර්තමානිකයන් විසින්ද ඇසළ මාසය තුළ විශේෂයෙන් සිහිපත් කරයි. මෙම සුවිශේෂ වූ ඓතිහාසික කරුණ කුමක්ද?

පිළිතුර
ශ්‍රී ලංකාවේ දළදා පෙරහර පැවැත්වූ රජුන් අතරෙන් අවසන් වරට දළදා පෙරහැර පැවැත්වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමායි.


ප්‍රශ්නය
ප්‍රඥාවෙන් බුදුරජාණන් වහනසේට පමණක් දෙවැනිව සිටි ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?

පිළිතුර
සැරියුත් මහ රහතන් වහන්සේ


ප්‍රශ්නය
බෞද්ධ ශාසන වංශ කථාවේ සුභද්‍ර පරිබ්‍රාජකයා සුවිශේෂ වූ තැනැත්තෙකි. එයට හේතුවූ කරුණ පැහැදිලි කරන්න.

පිළිතුර
කුසිනාරානුවර විසූ සුභද්‍ර නම් පරිබ්‍රාජක බුදුරදුන් වෙතින් පැවිදි බව ලබාගත් අවසාන ශ්‍රාවකයා විය.


ප්‍රශ්නය
සිල්වත් පුද්ගලයෙකුට ලැබෙන ආනිසංස හෙවත් සම්පත් මොනවාද?

පිළිතුර
ධනය, කීර්තිය, අභීතව මරණයට නොපැකිල ඉදිරිපත් වීමේ හැකියාව මරණින් මතු දෙව්ලොව උපත සිදුවේ.


ප්‍රශ්නය
“තණ්හක්ඛයා සබ්බ දුක්ඛං ජිනාති තෘෂ්ණාව නැති කළේ නම් සියලු දුක් දිනුවා වේ” මෙම බුදු වදනට අනුව තෘෂ්ණාව යනු කුමක්ද? පැහැදිලි කරන්න.

පිළිතුර
සත්වයා කර්ම රැස් කරන්නේ තෘෂ්ණාව නිසාය. කර්ම රැස්කිරීම නිසා සත්වයා නැවත නැවත ඉපැදෙමින් මැරමින් සසර සැරිසරයි. තෘෂ්ණාව නැති කළහොත් සත්ව කර්ම රැස් කිරීම ද නොකරයි. එවිට උපත හා විපතද නැතිවෙයි.
 


ප්‍රශ්නය
මිහිදු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ 80 වන වියෙහිදීය. මේ වකවානුවෙහි ශ්‍රී ලංකා රාජ්‍ය පාලකයා කවුද?

පිළිතුර
උත්තිය රජතුමා


ප්‍රශ්නය
අනුරාධපුරවරයේ “ මහමෙඝ වන නමින් හැඳින්වුන ස්ථානය කුමක්ද?

පිළිතුර
අනුරාධපුර මහමෙව්නා උයන


ප්‍රශ්නය
ඉපැරැණිමය බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමෙහිදී ඒවා කොටස් කීයකට වෙන් කොට හඳුනාගත හැකිද? ඒ මොනවාද?

පිළිතුර
කොටස් 03 - හිඳි පිළිම ,හිටි පිළිම, ඔත් පිළිම හෙවත් සැතපෙන පිළිම වේ.


ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ නිකාය භේදය ඇතිවූ රාජ්‍ය කාලය කුමක්ද?

පිළිතුර
වට්ට ගාමිණි අභය රාජ්‍ය සමයෙහිදී ගිරි නම් නිඝණ්ඨයෙකු විසු ආරාමයක් වනසා විහාරයක් කරවා එයට අභයගිරි විහාරය යැයි නම්කොට සමහර යුද සමයෙහිදී පිළිසරණ වූ “කෙම්ගලු වැසි තිස්ස නම් තෙරනමකට පූජා කළේය. මෙම විහාරවාසී භික්‍ෂුන් අභයගිරි නිකාය නම් විය. පසු අවස්ථාවකදි අභයගිරි නිකායෙන් බිදී ආ භික්‍ෂූ පිරිසක් මහසෙන් රජු දවස ජේතවනාරාම විහාරය මුල්කොට ගෙන ජේතවන නිකාය නමින් තවත් නිකායක් ශ්‍රී ලංකා සාසන ඉතිහාසයට එකතුවිය.


ප්‍රශ්නය
රටත් ජාතියත් බුදු සසුනත් ආරක්‍ෂා කිරීමේ ජාතික සටනේ යෙදුණූ ගැමුණු කුමාරයාට මාර්ගෝපදේශකත්වය දුන් ශ්‍රේෂ්ඨ කාන්තාව කවුද?

පිළිතුර
විහාරමහාදේවි


ප්‍රශ්නය
වේළුවනාරාම පූජාව පිළිබඳව ශාසනික වශයෙන් ඇති වැදගත් අවස්ථාවක් හඳුනාගත හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර
මගධ රට රාජ්‍යය කළ සේනිය බිම්බිසාර මහරජතුමා විසින් වේළුවනාරාමය පූජා කරන ලදී. ආරාමය පිළිගත් බුදුරජාණන් වහන්සේ ආරාම පූජාව පිළිගැනීමෙන් බුද්ධ ශාසනයෙහි පළමු වන ආරාමයද වේළුවනාරාමය විය. සැවැත්නුවර අනේපිඬු සිටුතුමාද බුදුරදුන් වෙත පැමිණ සෝවාන් ඵලයට පැමිණ පසුව සැවැත්නුවර ජේතවනාරාමයද කරවා බුදුපාමොක් මහ සඟනට පිදීය.


ප්‍රශ්නය
මහා ධර්මපාල ජාතකය අසා අනාගාමි ඵලයට පත්වු රජතුමා කවරෙක්ද?

පිළිතුර
සුද්ධෝදන මහරජතුමා


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ සඳ කිඳුරු ජාතකය දේශනා කළේ කුමන කරුණක් මුල් කරගෙනද?

පිළිතුර
යශෝදරා දේවියගේ ගුණවත් බව ප්‍රකාශ කළේ සඳකිඳුරු ජාතක කථාව ඇසුරින් දහම් දෙසීමෙනි.
 


ප්‍රශ්නය
අනිමිසලෝචන පුජාව කෙටියෙන් පැහැදිලි කරන්න.

පිළිතුර
ඇසිපිය නොහෙලා බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා සෙවන දුන් බෝධින් වහන්සේ දෙස බලා සිට කළගුණ සැලකීමයි.


ප්‍රශ්නය
පැරැණි දඹදිව රෝහිණී නදියෙහි ජලය බෙදාගැනීම පිළිබඳ ඇතිවූ අර්බුදය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර

ශාක්‍ය ,කෝලිය දෙපිරිස අතර ඇතිවූ යුද්ධයට මූලික හේතුව වුයේ මේ දෙපිරිස අතර ජලයේ උරුමය පිළිබඳ ප්‍රශ්නයයි. බුදුරජාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් සිදුවීමට ගිය ජීවිත විනාශය සමථයකට පත්විය.


ප්‍රශ්නය
දස පින්කිරියා වත් වලින් පළමුවැන්න දානයයි. පැහැදිලි කරන්න.

පිළිතුර
තමා සතු වස්තු නුවණ පෙරදැරි කොටගෙන තුන්සිත පහදවාගෙන අලෝභ සිතින් දීම දාන නම් වෙයි. දානය දස පාරමිතාවන්ගෙන් පළමුවන පාරමිතාවයි. සතර සංග්‍රහ වස්තු වලින් පළමුවන වස්තුවයි. පින්කිරියවත් තුනෙන් පළමුවන පුණ්‍යක්‍රියාවද දානයයි.


ප්‍රශ්නය
සීලං නාම ආදිචරණය සැදැහැවතෙකු ගේ පළමුවන හැසිරීම පැවැත්ම සීලයයි. තවදුරටත් පැහැදිලි කරන්න.

පිළිතුර
අකුසල කර්ම වලින් වැලකී කය වචනය යන දොරටු දෙක සංවර කර ගැනීම සීලයයි. සියලු කුසල දහම් වලට පිහිටවන හෙයින්ද සියලු අකුසල දහම් අවුරන බැවින්ද ශිල නම් වේ. පිරිසුදු සිතින් දෙමව්පිය ගුරුවරාදීනට සිල්වතුනට ගුණවතුන්ට වැඩිහිටියනට ගරු බුහුමන් දැක්වීමයි.


ප්‍රශ්නය
පරමාර්ථ සතපාධිගමය සඳහා ශ්‍රාවකයාගේ රුචිය පරිදි තෝරා ගත හැකි බෝධි තුනක් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළහ. ඒ බෝධිත්‍රය කුමක්ද?

පිළිතුර
සාවක (අරහත්ත) බෝධිය - පච්චෙක බෝධිය සම්මා සම්බෝධි යන තුනයි.


ප්‍රශ්නය
තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම මිදීම චතුරාර්ය සත්‍යයෙහි කුමන ආර්ය සත්‍යයට ඇතුලත් වෙයිද?

පිළිතුර
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය


ප්‍රශ්නය
ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සඳහන් වන සම්මා සතිය පැහැදිලි කරන්න.

පිළිතුර
සම්මා සතිය නම් කය පිළිබඳව (කායානුපස්සනා) වේදනාවන් පිළිබඳව (වේදනාපස්සනා) සිත පිළිබඳව (චිත්තානුපස්සනා) හා මානසික අරමුණු පිළිබඳව (ධම්මානුපස්සනා) නිරතවූ අවදිකමින් සිහියෙන් සිටීමයි.

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]