ධම්මපද සැහැල්ල - 17 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
(68) තඤ් ච කම්මං කතථං සාධු යං කත්වා නා’ නු තප්පති
යස්ස පතීතො සුමනො, විපාකං පටිසෙවති
යමක් කළ පසුව ඉන් - සැප සතුට ලැබේ නම් - එවැනි වූ පින් දහම් - තව තවත්
කළ යුතුය...
හිතවතුනි , නැණැත්තෝ - යම් දෙයක් කරන්නේ - ඉන් ලැබෙන විපාකය - ගැන
සිතීමෙන් පසුය
(69) මධුවා මඤ්ඤති බාලො, යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති
පව්කාරයා පව් - කරන හැම මොහොතක ම - ඒ කරන පව් වලින් මිහිරක් ලබන්නේ ය.
පාපයට නියම වූ විපාකය ලැබෙන විට, පෙර ලැබූ මිහිර ගැන - පසුතැවිලි වන්නේ
ය.
හිතවතුනි , වැරැද්දක් - කරන විට සිතට එන - සතුට මහ දුක් ගඟක උල්පතක්
වන්නේ ය.
(70) මාසෙ මාසෙ කුසග්ගේන -
බාලො භුඤ්ජේථ භොජනං
න සෝ සංඛත ධම්මානං කලං අග්ඝති සොළසිං
නුවණ අඩු තැනැත්තෝ – කෙළෙස් තැවුමට සිතා මියෙන තුරු ආහාර - නොගෙන කල්
ගත කළත් , නැණැත්තකු තුන්දොරින් සංවරව සිල් රකින, ඉතා සුළු මොහොතකට එය
සම නොවන්නේ....ය
හිතවතුනි , සංවරව - නුවණැතිව කරන දේ - පමණක් ම
ජීවිතය - සැපවත් කරන්නේය.
(71) නහි පාපං කතං කම්මං සජ්ජු ඛීරංව මුච්චති,
ඩහන්තං බාලමන්චේති භස්මච්ඡන්නෝ’ ව පාවකෝ
අළු ගොඩක සැඟව ගත් - ගිනි පුපුර පරිද්දෙන් - පාපය ද සැඟව සිට - දුක්
විපාකය ම දෙයි.
හිතවතුනි , ඔබ කරන - වැරැද්දේ විපාකය -කෙදින හෝ
නිසැකව ම ඔබ කරා එන්නේ ය.
මතු සම්බන්ධයි |