UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බේරුවල සපුගොඩ පුරාණ විහාරය


පිළිම වහන්සේ

කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල සපුගොඩ ශ්‍රී මහා පුරාණ විහාරය පෞරාණික වටිනාකමකින් යුතු ඓතිහාසික සිද්ධස්ථානයකි. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ බේරුවල නගරය පසුකොට ගාල්ල දෙසට ගමන් කිරීමේදී හමුවන සපුගොඩ මාර්ගයේ කෙටි දුරක් ගමන් කිරීමෙන් මෙම විහාරයට ළඟා විය හැකි ය.


බෝධීන් වහන්සේ

ඉපැරණි බිතු සිතුවම්, ගොඩනැගිලි හා නටබුන් රැසක් පිරි මෙම විහාරය නුවර යුගයේ ලක්ෂණ විදහා දක්වන මහනුවර පහත රට සම්ප්‍රදායට අයත් ය. මහනුවර යුගයේ චිත්‍ර හා මූර්ති වලින් පිරී කොටස් තුනකින් යුත් මෙම විහාර ගෘහය අතිශයින් චමත්කාරය. එහෙත් එහි චිත්‍ර කිහිපයක් මේ වනවිට විනාශ වෙමින් පවතී.

කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලය තුළ සපුගොඩ ආනන්ද හිමිපාණෝ බේරුවල මස්සල්ගොඩට පැමිණ මෙම විහාරය ආරම්භ කොට ඇත. සපුගොඩ හිමියන්ට ගෞරව දැක්වීම උදෙසා මෙම විහාරය පසු කලෙක සපුගොඩ විහාරය බවට පත්ව ඇත.

මහනුවර යුගයේ පහතරට සම්ප්‍රදායට අයත් පැරැණි සිතුවම් මෙහි විශේෂ බවක් උසුලයි. බෝධිසත්ව ප්‍රතිමා සහිත මකර තොරණ උතුරු බිත්තියේ ඇති ඔටුන්න හා රාජ්‍ය ලාංඡනය සහිත මකර තොරණ ද මෙහි දැකිය හැක. පැරණි වාහල්කඩ හා ගල් උළුවහු මෙම විහාරයට නිර්මාණශීලිත්වයක් එකතු කොට ඇත.

නගරයට ආසන්න කඳු ගැටයක් මත පිහිටි මෙම පූජනීය පින්බිම වැඳුම් පිදුම් කිරීම සඳහා සුදුසු සියලු අංගයන්ගෙන් සමන්විත ය. පුරාවිද්‍යා සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති නිසා පිළිසකර කිරීම් එහි උපදෙස් මත සිදුවිය යුතු ය. විනාශ වෙමින් පවතින චිත්‍ර, පවුර හා සීමා මාලකය කඩිනමින් සංරක්ෂණය කළ යුතුව ඇතැයි විහාරවාසී භික්ෂූන් වහන්සේ පවසති. වත්මන් විහාරාධිපති අම්පේගම පදුම හිමියන්ගේ මහත් වූ කැපවීම නිසා මෙම සපුගොඩ විහාරය මේ වනවිට ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.


සීමා මාලකය

 

 

 

 


ඉපැරැණි දාගැබ


විහාර ගෘහය


පැරැණි බිතු සිතුවම්


පැරැණි බිතු සිතුවම්

 

 

අධි වෙසක් අව අටවක පෝය

අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]