බොදු පුවත්
			
			 
			මල්ලිකාරාමයේ වෙසක් දම් දෙසුම්
			
			 
			රත්මලාන මල්ලිකාරාමයේ 2010 වෙසක් පොහොය නිමිති කොට පැවැත්වෙන ධර්ම 
			දේශනා මාලාව මෙසේ ය. එහි ධර්ම දේශනාමාලාව සඳහා පහත නම් සඳහන් පරිදි 
			පැවැත්වේ. 2010 මැයි මස 17 සඳුදා සිට 26 බදාදා දක්වා දිනපතා සවස 06.00 
			ට පැවැත්වෙන මල් පහන් ගිලන්පස බුද්ධ පූජාවෙන් අනතුරුව සවස 06.30 සිට 
			07.30 දක්වා මෙම ධර්ම දේශනා මාලාව පැවැත්වේ. 
			17 වන සඳාදා – අතිපූජ්‍ය මහා නා හිමි, 18 වන අඟහරුවාදා – රණස්ගල්ලේ 
			ඥාණවීර හිමි, 19 වන බදාදා – තලල්ලේ චන්දකිත්ති හිමි, 20 වන 
			බ්‍රහස්පතින්දා – වීඩියවත්තේ ඤාණෝභාස හිමි, 21 වන සිකුරාදා - කොටනෙළුවේ 
			පුඤ්ඤානන්ද හිමි, 22 සෙනසුරාදා – ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමි, 23 
			ඉරිදා – මාකඳුගොඩ ඤාණමෝලි හිමි, 24 වන සඳුදා - බොරැල්ලේ අතුල නාහිමි, 
			25 වන අඟහරුවාදා – දිවියාගහ යසස්සී නාහිමි, 26 වන බදාදා – අධිකාරීගම 
			සන්තසුමන හිමි. 
 
			 
			මහ බෝ සෙවණේ බවුන් වැඩීමට...
			
			 
			අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ 
			උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ 
			මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අප්‍රේල් මස 29 වැනි දින පෙරවරු 8.00 සිට 
			පෙරවරු 10.00 තෙක් (පැය දෙකක) භාවනා වැඩසටහනක් පැවැත්වේ. මෙම භාවනා 
			වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි. සෑම පුන් පොහොය 
			දිනයකටම පසු දින පෙරවරු 08.00 සිට පෙරවරු 10.00 තෙක් මෙම භාවනා 
			වැඩසටහන් පැවැත්වේ.  |