අධි වෙසක් පෝදා පින්කම්
			
			 
			මහරගම සිරි වජිරඤාණ 
			ධර්මායතනයේ 
			වැඩිහිටි සීල සමාදාන වැඩසටහන
			
			සිරි වජිරඤාණ ධර්මායතනයේ අධි වෙසක් පුර පෝදා වැඩිහිටි සීල සමාදාන 
			වැඩසටහන මෙසේ ය. 
			පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව 
			බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, 08.00 – 09.00 භාවනාව මෙහෙයවීම ශාස්ත්‍රපති 
			පණ්ඩිත හක්මණ සුමණසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව වැලිමඩ 
			පසන්නමානස හිමි, 10.00 – 11.00 බුද්ධ පූජාව, බංගලිදේසයේ සද්ධානන්ද 
			හිමි, බංගලිදේසයේ සංඝරක්ඛිත හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන 
			හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01.00 පිරිත හා තෙරුවන් ගුණ මීගොඩ 
			කල්‍යාණධම්ම හිමි, බංගලිදේසයේ සුමණවංස හිමි, 01.00 – 02.00 ධර්ම 
			සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 – 03.00 
			ශාස්ත්‍රපති පණ්ඩිත මාවරලේ භද්ධිය හිමි, 03.00 – 04.00 විශේෂ අනුශාසනාව 
			අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහා නාහිමි, 04.15 – 05.00 ධර්ම දේශනාව, 
			ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 05.00 – 06.00 
			ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි 
			පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන 
			සුමනසිරි හිමි. 
 
			 
			මහරගම සිරි වජිරඤාණ 
			ධර්මායතනයේ 
			තරුණ සීල සමාදාන වැඩසටහන
			
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී තරුණසීල සමාදාන මෙහෙයවන අධි වෙසක් 
			පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් 
			සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර 
			ලංකානන්ද හිමි, 08.00 – 09.00 භාවනාව මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි, 
			09.00 – 10.00 වෙසෙසි දෙසුම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා 
			බෞද්ධ අධ්‍යනාංශයේ කථිකාචාර්ය ජී.ඒ. ගාමිණී රත්න ශ්‍රී මහතා, 10.00 – 
			11.00 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව කිරින්දේ 
			සද්ධානුසාරී හිමි, පස්වරු, 12.25 – 12.30 විශේෂ නිවේදන හා 
			පුණ්‍යානුමෝදනා, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ ගල්කිස්සේ 
			සෝමානන්ද හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත 
			පානදුරේ පසන්න හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව ආචාර්ය කුඩාගන්නෝරුවේ 
			විනීත හිමි, 03.00 – 04.00 ධර්ම දේශනාව ආචාර්ය මඩවල ධම්මිකජිනවංශ හිමි, 
			04.15 – 05.00 ධම්මපදය, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00 – 06.00 ධර්ම 
			දේශනාව අලවතුපිටියේ සංකිච්ච හිමි, 06.00 – 06.30 බෝධි පූජාව මෙහෙයවීම 
			ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි. 
 
			 
			කතරගම කිරිවෙහෙර
			
			ඊ.එච්. සෝමපාල කතරගම විශේෂ 
			කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ අධි වෙසක් පෝදා දවස පුරා පින්කම් 
			රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක 
			කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත 
			නාහිමියන්ගේ් අනුශාසනා පරිදි පැවැත්වේ.  
			එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස 
			කිරි අහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ 
			සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන චෛත්‍යය මළුවේ 
			පැවැත්වේ. මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා 
			විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු පැවැත්වීමෙන් පසුව උපාසක උපාසිකාවන් 
			වෙනුවෙන් ගිලන්පස පිරිනැමීම සිදුකෙරේ. උදේ ධර්ම දේශනාව කතරගම කිරිවෙහෙර 
			රාජමහා විහාරවාසී වරාපිටිය රාහුල හිමියන් විසින් දුටුගැමුණු 
			ධර්මශාලාවේදී පැවැත්වේ. 
			කිරිවෙහෙර රාජමහ විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර 
			රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල්පහන් පූජා 
			කර බෝධීන් වහන්සේ සුවඳ පැනින් නහවා බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි 
			තේවාව භාර මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට 
			සෙත් පැතීම සිදුකෙරේ. කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක 
			පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා 
			පහන්වතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් 
			අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය 
			මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය 
			කර ඇත. 
 
			 
			වැල්ලවත්තේ ජාත්‍යන්තර 
			බෞද්ධ මධ්‍යස්ථානය
			
			වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ අධි වෙසක් පෝදා 
			පැවැත්වෙන ශීල සමාදාන වැඩසටහන මෙසේ ය. 
			පෝදා පෙරවරු - 06.00 – 07.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව 
			ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 7.00 – 08.00 ආහාර බුද්ධ පූජාව, 08.00 
			– 09.00 ධර්ම දේශනාව දොඩන්ගොඩ අස්සජි නාහිමි, 09.00 – 10.00 අරලියගහ 
			මන්දිරයේ සිට විකාශනයවන ධර්මදේශනාව, 10.00 – 11.00 ආරාධිත දේශනාව 
			ඡ්‍යොතිෂවේදී රණවීර ආරච්චිගේ මහතා, 11.00 – 12.00 ආහාර බුද්ධ පූජාව, 
			පස්වරු - 01.00 – 02.30 භාවනාව මෙහෙයවීම ගාමිනී පි‍්‍රයන්ත මහතා, 03.00 
			– 04.00 ධර්මදේශනාව පොල්ගහපිටියේ සුගතානන්ද හිමි, 04.00 – 05.00 
			ධර්මදේශනාව ගෝනදෙනියේ සීවලී හිමි, 05.00 – 05.45 බුද්ධ පූජාව හා සිල් 
			පවාරණය ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි. 
 
			 
			කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය
			
			කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහ විහාරස්ථානයේ දී අධි වෙසක් 
			පුර පසළොස්වක පොහෝදා සීල භාවනා ධර්මදේශනා වැඩසටහන් මාලාවක් හල්පිට 
			හේවාගම් දෙකෝළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ 
			සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක 
			උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. 
			එදින පෙරවරු 06.00 – 06.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී 
			ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් 
			වන්දනා මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව වැඩසටහන 
			මෙහෙවවීම රජවත්තේ වප්ප හිමි, 09.15 – 10.15 ධර්ම දේශනාව රජවත්තේ වප්ප 
			හිමි, 10.15 – 11.00 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද 
			නාහිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක 
			මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසික සමිතියේ 
			මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 
			2.15 – 03.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි, 03.30 – 04.30 
			ධර්ම දේශනාව කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 
			05.00 – 06.00 දහම් දෙසුම වැල්ලවායේ බුද්ධ වංස හිමි, 06.00 ට සිල් 
			පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 07.00 – 07.30 මල් පහන් ගිලන්පස 
			සම්බුද්ධ පූජාව මෙහෙයවීම ගැට්ටුවානේ සුමේධ හිමි, 07.45 – 08.45 රාත්‍රී 
			ධර්මදේශනාව රාජකීය පණ්ඩිත පැදියපැලැල්ලේ චන්ද්‍රජෝති හිමි. 
 
			 
			 
			පොල්ගහවෙල 
			මහමෙව්නාව භාවනා අසපුව
			
			අධි වෙසක් පුර පසළොස්වක පොහෝදා කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ 
			අනුශාසකත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දවස පුරා සිදු කරනු 
			ලබන සීල භාවනා වැඩසටහන් මාලාව මෙසේ ය. (28) පොහෝදා පෙරවරු 06.00 – 
			07.00 සීල සමාදානය හා කිරිපිඬු බුද්ධ පූජාව, 08.00 – 09.30 ධර්ම දේශනය, 
			09.30 – 10.00 බුද්ධානුස්සති භාවනාව, 10.30 – 11.00 දවල් බුද්ධ පූජාව 
			දවල් 12.30 – 01.00 සූත්‍ර සජ්ඣායනය, 01.00 – 02.30 ධර්ම දේශනය, 02.30 
			– 03.00 විදර්ශනා භාවනාව. 03.15 – 04.00 ධර්ම සාකච්ඡාව 04.00 – 04.30 
			බුදු ගුණ සජ්ඣායනය, සවස 05.00 – 06.30 අසිරිමත් සත්බුදු වන්දනාව. 
			රාත්‍රී 07.30 – 09.00 ධර්ම දේශනය, 09.00 – 09.30 ධර්ම සාකච්ඡාව, 09.30 
			– 10.30 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය හා පුණ්‍යානුමෝදනාව, පසුදා 
			උදෑසන (එනම් 29 වෙනිදා) උදෑසන 05.00 – 05.30 සිල් පවාරණය හා 
			පුණ්‍යානුමෝදනාව, (දානය හා ගිලන්පස පිරිනමනු ලැබේ. 
 
			 
			ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහා සෑයට මුල් ගල් තැබීම හා කිරිබත්ගොඩ 
			ඤාණානන්ද හිමියන් මෙහෙයවන සීල භාවනා වැඩසටහන
			
			ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ බක් මස 28 වන දා එනම් අධි වෙසක් පුර 
			පසළොස්වක පුන් පොහෝදා උදෑසන 06.00 සිට දවස පුරා කිරිබත්ගොඩ ඤාණානන්ද 
			ස්වාමීන් වහන්සේ මෙහෙයවනු ලබන සීල භාවනා වැඩසටහන මහනුවර කුණ්ඩසාලේ 
			මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත්වේ. අභිනවයෙන් ඉදි කරනු ලබන ශ්‍රී 
			සම්බුද්ධත්ව ජයන්ති මහා සෑයට මුල් ගල් තැබීම ද ඤාණානන්ද ස්වාමීන් 
			වහන්සේගේ මූලිකත්වයෙන් එදිනම සිදු කෙරේ. 
 
			 
			මාතර තරුණ බෞද්ධ සමිතිය
			
			පෝදා පෙරවරු 6.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 8.00 
			බුදුගුණ වන්දනාව, 9.30 විදර්ශනා මාර්ගය - කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා 
			රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව - ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී 
			වලස්ගල පඤ්ඤාසිරි හිමි , පස්වරු 4.00 රණවිරුවන්ට සෙත්පතා පිරිත් 
			සජ්ඣායනාව - ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 1.30 
			ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, 3.00 ධර්ම 
			සාකච්ඡාව - බන්දුල උදයකුමාර මහතා, 4.00 ධර්ම දේශනාව - රාජකීය පණ්ඩිත 
			හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, 5.00 සිල් පවාරණය - ශාස්ත්‍රවේදී 
			බූකැන්දයායේ අරියවංශ හිමි. 
 
			 
			බෞද්ධයා රූපවාහිනියේ 
			සජීව අධි වෙසක් පොහොය විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර 
			සදහම් මැඳුරේ සිට....
			
			අලුයම 06.00 ට කිරි ආහාර පූජාව සමඟින් විකාශය ආරම්භ වේ. 
			පෝදා පෙරවරු 06.00 – 07.30 සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා 
			අනුශාසනාව, මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත 
			දරණාගම කුසලධම්ම නාහිමි, 08.00 – 09.00 ධර්ම දේශනය මෙහෙයවීම, 
			නූහෙතැන්නේ පඤ්ඤානන්ද හිමි, 09.15 – 10.00 බුද්ධානුස්සති භාවනාව හා 
			කෙටි අනුශාසනාව මෙහෙයවීම, පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 
			11.00 දම්සභා මණ්ඩපය, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම 
			නාහිමි, මීරගහවත්තේ පඤ්ඤාසිරි හිමි, මෙහෙයවීම ලසන්ත වික්‍රමරත්න, 11.00 
			– 11.30 සම්බුදු පූජාව, මෙහෙයවීම, හෙට්ටියාවෙල රතනසාර හිමි, පස්වරු 
			12.30 – 01.00 රණවිරුවන්ට කෘතීම පාද පරිත්‍යාග කිරීම සම්බෝධි විහාරයේ 
			දී ප්‍රජා සත්කාරක සේවා වැඩසටහන 2010 අප්‍රේල් මස 24 වන දින ගලේවෙල 
			බම්බාව රාජමහා විහාරස්ථානයේ දී, 01.00 – 02.00 දම්සක් පැවතුම් සූත්‍ර 
			සජ්ඣායනාව, මෙහෙයවීම, කළුබෝවිටියන ගුණානන්ද හිමි, 02.00 – 03.00 ධර්ම 
			දේශනය, මෙහෙයවීම, මාකොළ බුද්ධවංශ හිමි, 03.30 – 05.00 විදර්ශනා භාවනාව 
			හා කෙටි අනුශාසනාව, මෙහෙයවීම, ගලිගමුවේ ඥාණදීප හිමි, 05.00 – 06.00 
			සත්බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම, මහරගම පදූම හිමි. 
 
			 
			තලවතුගොඩ - සංඝමිත්තාරාමය
			
			තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේ දී අධි වෙසක් පුන් පොහෝ දින අලුයම 
			05.30 ට විශේෂ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්ද පෙරවරු 06.00 පස්වරු 
			06.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු, 08.00 
			– 09.00 පානළුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක් ද, 09.00 
			– 11.00 රණාල අමාදම් අසපුවේ වැල්ලම්පිියේ විනයවංශ හිමියන් විසින් 
			පවත්වන ධර්ම දේශනය හා භාවනා වැඩසටහනක් ද 11.00 ට දවල් බුද්ධ පූජාවෙන් 
			අනතුරුව පස්වරු 12.30 – 01.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 01.00 
			– 02.00 ගණේමුල්ලේ නිස්සරණී දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද 02.00 
			– 04.00 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් 
			අනතුරුව 04.00 – 05.00 කුරුවිට සමාධි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් 
			ද 05.00 – 05.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 
			06.00 ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් 
			පවත්වනු ලැබේ. 
 මහා විහාර පොහොය වැඩසටහන
			
			 
			අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක 
			ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි 
			අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහා විහාර සන්නිපාත ශාලාවේදී 
			අපේ‍්‍රල් මස 28 දින පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩසටහන මෙසේය. 
			පුන් පෝ දින පෙරවරු 6 - 6.30 ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී ශීල 
			සමාදානය , 6.30- 7 බුද්ධ පූජාව , 8 - 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී 
			ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය 8 .30 -9.30 
			ධර්ම දේශනය , 9.30 - 10 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා 10.30 -11 
			ජය සිරි මස බෝ සමිඳුන් අබියස දී බුද්ධ පුජාව 
			පස්වරු 12.30- 1 මහා විහාර සන්නිපාත ශාලාවේදී ජාතක කතා දේශනාව - 
			කිරින්දේ ඥානදර්ශන හිමි, 1 -2 ධර්ම සාකච්ඡාව , 2 -2.30 ශීල ආවර්ජනය , 
			2.30- 3.30 භාවනා , 4 -5 ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය 
			5.15 - 6 මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා 6.30- 7 ජය සිරි මහා බෝ 
			සමිඳුන් අබියස දී බෝධි පූජාව 
			7.30- 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී ධර්ම දේශනය 8.30- 9.30 භාවනා 
			9.30 - 10 පිරිත් සජ්ඣායනය 10 පුණ්‍යානුමෝදනාව ඕපාත ධම්මසාර හිමි පුන් 
			පෝ දිනට පසු දින පෙ.ව. 5 - 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා 6 ජය 
			සිරි මහා බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය 
 
			 
			 
			කළුතර බෝධිය 
			
			කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන 
			ආගමික වැඩ සටහන් මාලාව මෙසේය. 
			පෝදා පෙරවරු 6.30 - 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ 
			පූජාව මෙහෙයවීම , පූජ්‍ය වැලිකල පඤ්ඤාසාර හිමි, 8 - 9.45 භාවනාව 
			මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 - 11 ධර්ම දේශනය වලතර සුභූති හිමි 
			පස්වරු 1 - 2.15 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත රජවැල්ලේ  
			සුභූති හිමි 2.30 -3.30 - ධර්ම දේශනය රන්දොඹේ සුමනාලෝක හිමි 3.45 - 
			4.45 ධර්ම දේශනය :- කඹුරුපිටියේ මුනින්දවංශ හිමි 5 -6 ධර්ම දේශනය රොටුඹ 
			සිරි සුදේව හිමි, 6.30 ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව 
			8 රූපවාහිනී දර්ශන තුලින් බෞද්ධ දර්ශන එලි දැක්වීම 
 
			 
			ශ්‍රී ජයවර්ධනපුර 
			ශ්‍රී සිළුමිණි විහාරය
			
			ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත 
			දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන්ගේ හා ශ්‍රී සිළුමිණි විහාරාධිපති 
			මහමෙවුනාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී සමාධි උපස්ථාන සභාව 
			සංවිධානය කරනු ලබන වෙසක් අධි පුන් පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය. 
			පෝදා 05.30 – 06.00 සීල සමාදානය, අග්ගමහාපණ්ඩිත දවුල්දෙණ 
			ඤාණිස්සරාභිධාන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමි, 
			06.45 – 07.30 අනුශාසනාව භාවනාව මහමෙවුනාවේ මංගල හිමි, 08.30 – 10.30 
			භාවනා වැඩසටහන පාතේගම ඤාණතිලක හිමි, 10.30 – 11.00 දවල් බුද්ධ පූජාව 
			හාලිඇළ අස්සජි හිමි, පස්වරු 12.30 – 01.00 සෙත් පිරිත් දේශනය හාලිඇළ 
			අස්සජි හිමි, වැලිමඩ ධම්මික හිමි, 01.00 – 03.00 සූත්‍ර දේශනාව හා 
			ධර්මසාකච්ඡාව 03.30 – 05.00 පටිච්ච සමුප්පාද දේශනය මහමෙවුනාවේ මංගල 
			හිමි, 05.00 – 06.00 බෝධි පූජාව වැලිමඩ ධම්මික හිමි. 
 
			 
			රන් කරඬු සමන් මල් පූජාව
			
			සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති අකුරල මංජුලතිස්ස හිමියන්ගේ 
			අනුශාසනා පරිදි රන් ආලේප කරන ලද සර්වඥ ධාතු කරඬු පූජාවක් අප්‍රේල් මස 
			28 දින පෙරවරු 07.30 ට මීවැල්ලාවේ පඤ්ඤාරංසිතිස්ස හිමියන් සීනිගම 
			කුසුමාරාම පුරාණ මහා විහාරයේ දී සිදු කැරේ. දවස පුරා ධර්මදේශනා, භාවනා 
			වැඩසටහන් මෙහෙයවීම අනුරාධපුර අරියඤාණතිස්ස හිමියන් විසින් සිදු කැරේ.
			 
			අටවිසි බෝධි පූජාව වේරගොඩ ක්‍ෂේත්‍රාරාමාධිපති ශාස්ත්‍රවේදී වැලිවිටියේ 
			ධම්මාලෝක හිමියන් විසින් ප.ව. 06.00 ට පැවැත්වේ. 
			 
			
			උයන්වත්ත වාලුකාරාමය
			
			උයන්වත්ත වාලුකාරාම මහා විහාරයේ පුන්පෝදා පින්කම් මෙසේය. පෝදා පෙරවරු 
			6.30 ට සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදි රොටුඹ සෝමරතන හිමි, 7.00 බුද්ධ 
			පූජා වන්දනාව, බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, 8.00 ගුවන්විදුලි ධර්ම දේශනාව 
			, 10.30 බුද්ධ වන්දනා මොරවක ධම්මරතන හිමි, පස්වරු 1.00 සෙත් පිරිත් 
			සජ්ඣායනාව , 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, 4.00 
			ධර්ම දේශනාව බුත්තල මෙත්තානන්ද හිමි 6.00 සිල් පවාරණය, 7.00 අටවිසි 
			බුද්ධ පූජාව. 
 
			 
			සිරිමංගල පිරිවෙන් විහාරය
			
			සිරිමංගල පිරිවෙන් විහාරයේ 472 වෙනි පොහොය පින්කම මෙසේය. පෝදා පෙරවරු 
			6.00 සීල සමාදානය - පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා 
			ස්වාමින්ද්‍රයන් වහන්සේ, 6.30 බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ 
			ඤාණවංශ හිමි, 8.30 භාවනා වැඩසටහන බලංගොඩ සාන්තසිරි හිමි, 10.30 බුද්ධ 
			පූජා වන්දනාව, ප.ව. 1.00 සෙත්පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව 
			හොරපාවිට ධම්මිස්සර හිමි, 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ 
			අජිත හිමි, 6.00 සිල් පවාරණය, 6.30 අටවිසි බුද්ධ වන්දනාව ත්‍රිපිටකවේදී 
			ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි. 
 
			 
			මාතර සිරි වජිරඤාණ 
			ධර්මායතනය
			
			මාතර සිරි වජිරඤාණ ධර්මායතනය පුන් පොහෝ දින පින්කම මෙසේය.පෝදා පෙරවරු 
			6.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 7.30 
			බුද්ධ පුජාව, 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාරඹ ඤාණානන්ද හිමි, 9.00 
			ධර්ම දේශනාව රත්මල්කැටියේ සිරිධම්ම හිමි, 11. බුද්ධ පූජාව, ප.ව. 1.00 
			සෙත් පිරිත් දේශනාව පොඩි ස්වාමීන්වහන්සේලා, 2.00 ධර්ම සාකච්ඡාව, 3.30 
			ධර්ම දේශනාව කඹුරුගමුවේ අස්සජි හිමි, 5.00 ධර්ම දේශනාව අහංගම සුබෝධි 
			හිමි, 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව. 
   |