Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර සිරිසද්ධම්මවංස මහානිකායේ ද්වි වාර්ෂික උපසම්පදා විනය කර්මය 2010 ජූනි 18, 19, 20 යන දිනවල කොළඹ 10, කුප්පියාවත්ත, ජයසේකරාරාමස්ථ ශ්‍රී ධීරානන්ද උපොහොසථාගාරයේ දී පැවැත්වෙන බව රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපූජ්‍ය බලන්ගොඩ සිරි සුධම්මවංසාභිධාන මහානාහිමියන්ගේ නියමය පරිදි දන්වා සිටින බව ලේඛකාධිකාරී හිමිවරු නිවේදනය කරති. නිසි වයස් සම්පූර්ණ කරන ලද උපසම්පදා අපේක්‍ෂක සාමණේරයන් වහන්සේලා අදාළ උපසම්පදා අපේක්‍ෂක ඉල්ලුම්පත් නිකායේ ලේඛකාධිකාරීන් වහන්සේලාගෙන් ලබාගෙන ඒවා, නිවැරදිව සම්පූර්ණ කොට උප්පැන්න සහතිකය හා සාමණේර සහතිකය ද සහිතව මැයි මස 8 වන දිනට පෙර ලේඛකාධිකාරී නාහිමිවරුන් වෙත ලැබීමට සැලැස්විය යුතු බැව් නිවේදනය කැරේ.

අදාළ ඉල්ලුම්පත් - ලේඛකාධිකාරී නාහිමි, සංඝරාජ මහා විහාරය, රන්දොඹේ, අම්බලන්ගොඩ, දු.ක. 091 – 2256821

ලේඛකාධිකාරී නාහිමි, බුදුරද මහ වෙහෙර, වැවුරු - කන්නල, දික්වැල්ල, දු.ක. 041 – 2255333 ලබාගත හැකි ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.