Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ නවම් මහා පෙරහර 27, 28

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ කොළඹ නවම් මහා පෙරහර මෙම 27, 28 දෙදින තුළ අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම කොළඹ නවම් මහා පෙරහර පැවැත්වේ.

තෙරුවන් විෂයෙහි සිදු කැරෙන පුද පූජාවක් ලෙසින් ඇරැඹුණු එම පෙරහර සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පදවි ප්‍රාප්තියද සිහිපත් කැරේ. කොළඹ නවම් මහා පෙරහර සියලු කලා නිර්මාණයන්ගේ එකතුවකි. මෙවර කොළඹ නවම් මහා පෙරහර සඳහා නැටුම් කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගිවීමට නියමිතය. අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ද එම පෙරහරට සම්බන්ධ වේ. කොළඹ නවම් මහා පෙරහර නිමිත්තෙන් ඉකුත් 20 වන දා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද 21 වන දා දුම්රිය දෙපාර්තමේන්තුවද, 22 ලේක්හවුස් ආයතනය සහ ශී‍්‍ර ලංකා පොලීසිය ද 23 වන දා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, 24 වන දා ලංකා බැංකු මූලස්ථානය හා මහජන බැංකු මූලස්ථානයද, 25 වන දා කොළඹ මහ නගර සභාවද 26 වන ද, ලංකා ගමනා ගමන මණ්ඩලයද මල් පෙරහර පවත්වන ලදී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.