UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි මහ බෝ වන්දනාව 27 වන දා

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩම කොට වසර 2317 ක් සපිරීම වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහා බෝධි වන්දනාව සහ පෙරහර මෙම මස 27 වන දා අනුරාධපුර මහ බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අවසරයෙන් සිරිසිදුහත් භික්‍ෂු පදනම හා සිරිමහ බෝ පදනම එම පින්කම සංවිධානය කරයි.

සිරිමහ බෝ සමිඳු වැඩම කොට වසර දෙදහස් තුන්සිය දහහතක් (2317) සපිරීම, ප්‍රථම රන්වැට ඉදිකොට වසර හතලිහක් (40) සපිරීම, යුදගිනි නිවූ ජනාධිපතිතුමන්ට, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ වලට, ලක්වැසි සැමට සෙත් පැතීම උදෙසා මෙම පුණ්‍යෙීත්සවයේ තේමාවවී ඇත.

දෙසැම්බර් 27 දින පෙරවරු 06.30 ට කටුගස්තොට නගරයෙන් ආරම්භ කරන රිය පෙරහර එදින පෙරවරු 7.15 මාතලේ අළුවිහාරය අසල පැමිණ අනතුරුව පෙරවරු 08.30 ට දඹුල්ල විහාරය අසලින් ඒකාබද්ධ පෙරහරක් ලෙසට ගමන් කර පෙරවරු 11.30 වන විට අනුරාධපුර ථූපාරාම චෛත්‍ය අසළට ළඟාවීමට නියමිතය.

එම ස්ථානයෙන් පස්වරු 1.00 ට මහ බෝ පෙරහර ආරම්භ වේ. එය 2.30 වන විට මහ බෝ මළුවට ළඟාවී බෝ සමිඳුන් වෙතට පූජා භාණ්ඩ තැන්පත් කෙරේ.

පස්වරු 3.00 ට මහ බෝ වන්දනාව ආරම්භ කරනු ඇත. එදිනම පස්වරු 5.00 ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් ගේ අවසරයෙන් රුවන්වැලි මහ සෑරදුන් අබියස කප්රුක් පූජාවද, අධිෂ්ඨාන භාවනා පූජාව හා සෙත්පිරිත් සජ්ඣායනා සිදු කැරේ.

එම අවස්ථාවට තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයද, ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු මැති ඇමැතිවරු සහ දහස් ගණනින් දස දෙසින් පැමිණෙන බැතිමතුන් සහභාගි වනු ඇත.

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]