UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මාතර හිත්තැටිය මැද හේවගෙවත්ත පදිංචි ආනන්ද සරත් අමරසිංහ මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන අතර ඒ මහතාට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත. ඔහුට බද්ධ කිරීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හිමි නමකට හෝ කැමැති අයෙකුට ඉදිරිපත් විය හැකි ය. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති මොහුට උදව් කිරීමට කැමැති අයෙක් සිටී නම් මාතර සම්පත් බැංකුව ගිණුම් අංක 101050020852 ගිණුමට මුදල් බැර කරන මෙන් ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක 071 8122333, 071 8336688

 



හෝමාගම ගොඩගම සාම මාවත නො. 158 ඒ ලිපිනයේ දැනට පදිංචි සුජීවා නිශාන්ති මහත්මියට වැළඳී ඇති ලියුකේමියා (AML – M3  ) රෝගය සුව කිරීම සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් අවශ්‍ය බව ඇයට ප්‍රතිකාර කරන මහරගම පිළිකා රෝහලේ 18 වාට්ටුවේ විශේෂඥ වෛද්‍යතුමා නිර්දේශ කර ඇති බව රෝගී කාන්තාවගේ ස්වාමියා කියයි.
එම සැත්කම ඉන්දියාවේ දී සිදු කිරීම සඳහා විශාල මුදලක් වැය වෙන බව ද ඉන්දියාවේ වෙල්ලෝර් රෝහලෙන් දන්වා එවා ඇතැයි ද කියති.
ස්ථිර රැකියාවක් නොමැති, කුඩා දැරියන් දෙදෙනෙකුගේ පියකු වන ස්වාමියාට එම මුදල තනිවම සොයා ගැනීමට නොහැකි නිසා ඔබගේ ආධාර ගංගොඩවිල, ගොඩගම මහජන බැංකු ශාඛාවල 097- 2 – 001- 9- 2334916 ගිණුමට බැර කළ හැකි බව ද කියයි.



මහනුවර කරල්ලියැද්ද තෙල්දෙණිය පදිංචි එන්.කුමාරිහාමි මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහරෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති හිමිනමක් හෝ පරිත්‍යාගශීලියෙක් වේ නම් 077 – 9624440 හෝ 071 – 4488040 යන දුරකථන අංකවලට දන්වන මෙන් ඉල්ලා සිටී.
තිලක් පුෂ්පකුමාර

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට ලබයි. 28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]