UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුමඟ සංවිධානයෙන් පඬුවස්නුවර රජ මහා විහාරයේ දී පින්කම් රැසක්

නිට්ටඹුව සමූහ

ජෙනට් ජයසිංහ

සුමග සංවිධානය වාර්ෂිකව පවත්වනු ලබන අසදෘෂ්‍ය මහා දාන පින්කම් මාලාවේ මෙම වසරේ දානමය පින්කම පඬුවස් නුවර රජමහා විහාරාධිපති උහන්ගොඩ රතනසාර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ නා උයනේ අරියධම්ම හිමියන්ගේ මෙහෙයවීමෙන් අගෝස්තු 29, 30 දෙදින පුරා පඬුවස්නුවර පුරාණ රජමහා විහාර භූමියේ දී පැවැත්වේ.

එහිදී 29 දින සවස 05 ට පාත්‍රා 100 ක ගිලන් පස පූජාව සමග දේවාරාධනා සහිත බෝධි පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව සමග ගවපාන භෝජන දානය සකස් කිරීම සිදුවන අතර 30 වන දා අලුයම තපස්සු භල්ලුක මංගල දානය සමග ගවපාන දානය පාත්‍රා 100 ක් පූජා කිරීමද දවල් ව්‍යාංජන 49 කින් සමන්විත බුද්ධ පූජාව පාත්‍රා 100 ක් පූජා කිරීම සහ 150 ස් නමක් මහා සංඝයා වහන්සේ උදෙසා අෂ්ඨපරිෂ්කාර සහිත මහා සංඝගත දක්‍ෂිණාව පිරිනැමීම ද සිදු කැරේ.

අනතුරුව කප්රුක් පූජාව ද සමග තෝරාගත් විහාරාම 54 ක් විෂයෙහි එම විහාරාධිපතින් වහන්සේලා වැඩමවා ආවාස පරිහරණ භාණ්ඩ සඟසතුකර පූජා කිරීම සහ සවස සමස්ත ලක්වැසි ජනතාවට සෙත්පතා පැවැත්වෙන ආශිර්වාද පූජාව ද ආරාධනා පුණ්‍යානුමෝදනාවක් ද පැවැත්වේ.

29 වන දා රාත්‍රී සහ 30 වන දා දිවා බත් දන්සැලක්ද පැවැත්වේ.ත්‍රස්තවාදී උවදුර නිසා බෞද්ධයින්ගේ මතකයෙන් ඈත් වූ මේ රටේ බොහෝ සිද්ධස්ථාන නඟා සිටුවීම සහ පොතපතින් පමණක් අසා ඇති නමුත් ප්‍රායෝගිකව සිදු කිරීමට නොහැකි වූ පුණ්‍යකර්ම ක්‍රියාත්මක කිරීමෙන් බොදු බැතියනට එම පුණ්‍යකර්ම පිළිබඳව අවබෝධයක් ලබාදීම මුල්කර ගනිමින් මෙයට අවුරුදු 20 කට පෙර අපවත් වී වදාළ ආරණ්‍ය සේනාසනවාසී මහව ගණයාය විහාරස්ථානයේ වැඩවිසූ මහව සුමේධ හිමියන් ආරම්භ කරතිබූ වැඩපිළිවෙළට යළි පණ පොවමින්, ආයුර්වේද වෛද්‍ය, සාම විනිසුරු වීරවංශ පතිරණ මහතා ඇතුළු බොදු සැදැහැතියන් පිරිසකගේ දායකත්වයෙන් යක්කලදී සුමග සංවිධානය පිහිටුවා ගන්නා ලදී.

මෙවර ද මෙම අසදෘෂ්‍ය දාන පින්කම් මාලාව 28, 29 දෙදින තුළ පඬුවස් නුවර රජමහා විහාර භූමියේ දී පඬුවස් නුවර රජමහා විහාරාධිපති උයන්ගොඩ රතනසාර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ නා උයනේ අරිය ධම්ම හිමි, ජා ඇළ උතුරු බටගම ශ්‍රී ජයවර්ධනාරාමයේ බෝගොඩ පියනන්ද හිමි, වීරකැටිය, ජූලම්පිටිය පුණ්‍යවර්ධනාරාමයේ කුඩා හීල්ලේ චන්දිම යන හිමිවරුන්ගේ සහ පඬුවස් නුවර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඒ. කුලසූරිය මහතාගේ මෙහෙයවීමෙන්, හා සුමග සංවිධානයේ කමිටු සභාපති සහ සැළසුම් සංවිධායක වෛද්‍යාචාර්ය වීරවංශ පතිරණ මහතා ඇතුළු සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එම පින්කම සිදු කරති.

 

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට ලබයි. 28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]