UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ රජ මහා විහාරයේ දළදා පෙරහර

කෝට්ටේ රජමහා විහාරය ඵෙතිහාසික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන්ද වැදගත්වේ. එමෙන්ම ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයකි. මෙම විහාරයේ ඉතිහාසය සය වන පැරකුම් රජ සමය දක්වා විහිදී පවතී. කෝට්ටේ රජමහා විහාරයේ තෙමහල් ප්‍රාසාදයක දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ බව සැලළිහිනි සංදේශය තුලින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සඳහන් කර ඇත.

ක්‍රි.ව. 1505 න් පසුව මෙම විහාරස්ථානය සොයාගනු ලැබුවේ පිලානේ නායක ස්වාමීන් වහන්සේ විසින්ය. මෙම විහාරස්ථානය තුල බෝ සමිඳුට අමතරව පුද පූජා පවත්වනු ලබන බෝධීන් වහන්සේ නමක් වේ.

එනම් නා බෝධියයි. එම නා බෝධියට පුද සත්කාර කිරීමට හේතුව වන්නේ සය වන පරාක්‍රමබාහු රජ සමයේ සිටි සපුමල් කුමාරයා පෘතුගීසීන් මුල්ලේරියා සටනින් පරදවා එම සටන ජයගෙන ආසියාවෙන් පෘතුගීසීන්ට සිදුවූ විශාල පරාජය හිමිකර දෙමින් එම සටන් කළ පර දේශක්කාරීන්ගේ ලේ ඇති කඩුව තබා ඇත්තේ එම නා බෝධිය ඉදිරිපිටය. එම නිසා කෝට්ටේ ජනයා සපුමල් කුමාරයා එම බෝධියට අධිපති ලෙසත්, එම කුමාරයා එම බෝධියේ අරක්ගෙන ඇති බව විශ්වාස කොට එම බෝධියට පුද පූජා පවත්වති. එම බෝධිය අසබඩ සපුමල් කුමරුහට දේවාලයක්ද ඉදිකර තිබේ. විහාරයට පැමිණෙන පින්වතුන් මෙම නා බෝධිය වැඳ පුදා ගැනීමට අමතක නොකරයි. එසේම මෙම විහාරයේ තවත් දේවාල දහ හතරක් පවතී.

මෙම කෝට්ටේ රජ මහා විහාරයේ සම්බුදු මැදුරේ සැතපෙන බුදුපිළිමය දහ අට රියන් බුද්ධ ප්‍රතිමාවකි. තවද මෙම විහාරස්ථානය තුල සාමණේරයන් වහන්සේ උපසම්පදා කරනු ලබන සීමා මන්දිරයක් මහනුවර සැලැස්මකට නිර්මාණය කර තිබේ. මෙහි ඵෙතිහාසික ප්‍රෞඪත්වය හා සංස්කෘතිකමය වැදගත්කම නිසාත් ශ්‍රී දන්ත ධාතූ®න්වහන්සේ තැන්පත් කොට තිබුණු නිසාත් මෙම විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහරක් සංවිධානය කැරේ.

වර්තමාන විහාරාධිපති අලුත් නුවර අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙවර එකසිය නමවන වතාවට පෙරහර පවත්වන බවයි. මෙම පෙරහරේ කප් සිටුවීම ඉකුත් 19 වනදා පැවැත්වීමට නියමිත වූ අතර මහ පෙරහර මෙම මස 29 වන සෙනසුරාදා වීථි සංචාරය කිරීමට නියමිතය.

එසේම සතර දේවාල වල පෙරහරද මෙම පෙරහරටම සම්බන්ධව ගමන් කරනු ලැබේ. කෝට්ටේ හදවත වන කෝට්ටේ රජමහා විහාරයේ පෙරහර නැරඹීමට ආගම් භේදයකින් තොරව සියලුම කෝට්ටේ පින්වතුන්ට පැමිණෙන මෙන් එම පෙරහර කමිටුව ආරාධනා කර සිටී.

 

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට ලබයි. 28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]