Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උපහාර උළෙලක්

පානදුර තන්තිරිමුල්ලේ පදිංචි බ්‍රහ්මචාරී, ශාසනමාමක, ශාසන ධජ, ලංකාභිමානී, දේශබන්ධු, සාමවිනිසුරු දොන් ලක්ෂ්මන් හෙයියන්තුඩුව මහතා විසින් කරන ලද ආගමික හා ජාතික මෙහෙවර අගය කරනු වස් ගුරු උපහාර අභිනන්දන උලෙළක් පැවැත්වීමට තේත්වත්ත ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථ ගුණ සමරු පදනම තීරණය කර ඇත. 1957 සිට වසර 21 කට අධික කාලයක් තේක්කවත්ත ශ්‍රී ධම්මතිලක දහම් පාසලේ පිළිවෙළින් උප ප්‍රධානාචාර්ය හා ප්‍රධානාචාර්යවරයා වශයෙන් ද පානදුර ජාත්‍යන්තර බෞද්ධ පදනම දහම් පාසලේ ආරම්භක ප්‍රධානාචාර්යවරයා වශයෙන් ද 2003 දක්වා වසර 23 ක් කරන ලද අනභිභවනීය සේවය හා දිවිහිමියෙන් රකින නිර්මාංශශීලි ජීවිතයට වසර 53 ක් පිරීම නිමිත්තෙන් එතුමාට කෘත ගුණ සැලකීමක් වශයෙන් අගෝස්තු 30 වන ඉරු දින පස්වරු 3.00ට තේක්කවත්ත ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේදී ගුණ සමරු උත්සව සභාවක් පැවැත්වේ.

එදින පස්වර 2.30 ට තන්තිරිමුල්ල ප්‍රාදේශීය සභාව අසල ඇති කුරුප්පුමුල්ල දෙසට යන මාර්ගය මෛත්‍රී මාවත යනුවෙන් එතුමන් අතින් නිරාවරණය වීමෙන් අනතුරුව එතැන් සිට පෙරහරකින් එතුමන් තේක්කවත්ත සුනේත්‍රාරාම විහාරස්ථානය වෙත කැඳවාගෙන එනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.