Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටබරු ඇසළ පූජෝත්සවය

කොටපොළ ඵෙතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පූජෝත්සවය අගෝස්තු 31 වනදා සිට සැප්තැම්බර් 6 වනදා දක්වා පැවැත්වේ. ඒ නිමිත්තෙන් කප් සිටුවීම අගෝස්තු 27 වනදා අලුයම සුබ මොහොතින් සිදුකැරේ.

මුල් පේළි පෙරහර හිඟුරුපනාගල සිටත් දෙවෙනි පේළි පෙරහර වරල්ල සිටත් තුන්වැනි පේළි පෙරහර කොස්මෝදර සිටත් විහාරස්ථානය දක්වා සංචාරය කිරීමට නියමිතය.

රන්දෝලි පෙරහර 3,4 යන දිනයන්හි උඩරට, පහතරට, සබරගමු නැටුම්වලින් සහ විවිධ කලායතන මගින් ඉදිරිපත් කරනු ලබන සංස්කෘතික අංගවලින් සමන්විතව වීථි සංචාරය කැරේ. සැමට සෙත් පතා කැරෙන දේව තොවිලය සැප්තැම්බර් 4,5 යන දිනයන්හි ගැටබරු විහාරස්ථ උඩමළුවේදී පැවැත්වේ.

එය අවසන් කැරෙනුයේ සැප්තැම්බර් 6 වැනිදා අලුයම ගිනි පෑගීමේ උත්සවයෙනි. ඇසළ පූජෝත්සවය අවසන් කැරෙනුයේ එදින දවල් පිරිනැමෙන දේව දානයෙනි.

උත්සව සමය තුළ ගැටබරු පූජා භූමි ප්‍රවේශ මාර්ගය අසළ ඉදිකැරෙන තොරණ ප්‍රදර්ශනය කැරෙන අතර වාර්ෂික සල්පිලද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.