Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරඹාවැවේ ජිනරතන නා හිමියන්ට අක්ත පත්‍ර පිළිගැන්වීම 20 දා

”සද්ධර්මවාගීශ්වර ශ්‍රී සෝභිත” යන ගෞරව නාමය සහිතව දකුණු හුරුඵ පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කර ඇති මහරඹෑවැව ශ්‍රී පරමසුන්දරාරාමය හුරුඵ ජයපුර ශ්‍රී විසුද්ධාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම ගුරු උපදේශක ශාස්ත්‍රවේදී මහරඹාවැවේ ජිනරතන හිමියන් වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෙීත්සවය අගෝස්තු 20 වන දින පස්වරු 2.30 ට හුරුඵ ජයපුර ශ්‍රී විසුද්ධාරාම යේදී සිදු කෙරේ. එම උත්සවයට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි, ස්වර්ණමාලි වෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, ලංකාරාමාධිකාරි රළපනාවේ ධම්මජෝති හිමි, පුලියන්කඩවල ධීරානන්ද නාහිමි, උපුල් දෙනියේ මේධානන්ද නාහිමි, සේනාදිරියාගම චන්දජෝති නාහිමි, කොක්මඩුවේ රතනජෝති හිමි, තෙල්හවඩියාවේ ධම්මාරාම යන හිමිවරුද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, දේශීය වෛද්‍ය ඇමැති තිස්ස කරල්ලියද්ද, පළාත් කෘෂිකර්ම අමාත්‍ය, කේ.එච්.නන්දසේන, පළාත් සභා මන්ත්‍රීවරුන් වන රංජිත් සමරකෝන් වීරසේන ගමගේ, එම්.හේරත් බණ්ඩා, විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් ගලෙන්බිඳුණවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඇම්.රත්නායක යන මහත්වරුද ,ප්‍රාදේශීය ලේකම්වරු, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු ඇතුඵ විවිධ ක්‍ෂේත්‍රවල සහ ත්‍රිවිධ හමුදා හා පොලිස් උසස් නිලධාරීහු රැසක් ද සහභාගි වනු ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.