Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හොරණ රජ මහා විහාරස්ථ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ පින්කම් මාලාවක්

හොරණ රජ මහා විහාරස්ථ විද්‍යාරත්න පිරිවෙනේ අභිනව දෙමහල් නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කර සග සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම මස 23 වනදා සිට 30 වනදා දක්වා හොරණ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ. ඒ නිමිත්තෙන් අගෝස්තු 23 දින සිට 30 දින දක්වා සති පිරිත් පින්කමක් ද 29 වනදා දවල් ශතාධික මහ සගරුවන විෂයයෙහි පිරිකර සහිත මහා දානමය පින්කමක් ද 29 වනදා පස්වරු 6.30 සිට දේව දූත පෙරහරක් ද එදිනම (අගෝ 29) රාත්‍රියේදී දොරකඩ අස්න සහිත අනුශාසනාවක්ද පැවැත්වේ.

අභිනව සංඝාවාස ගොඩනැගිල්ල සග සතු කිරීමේ පින්කම් මාලාව, සංඝාවාසය ඉදිකරලීමට ආධාර කළ සියලු දායකකාරකාදීන්ටත්, ජනාධිපතිතුමන්ටත්, අගමැතිතුමන්ටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ රණවිරුවන්ටත් සියලු ශ්‍රී ලාංකිකයින් හා සියලු ලෝ වැසියන්ටත් ආශිර්වාද කිරීම සඳහා යැයි හොරණ රජ මහා විහාරස්ථ දායක සභාව කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.