UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය
 

2553 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මාතර වෙහෙරහේන රාජමහා විහාරය කේන්ද්‍රකොට 2009 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්විණි. ආගමික කටයුතු හා සදාචාරවර්ධන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මීට අනුග්‍රහය දැක්වීය. මැයි මස 5 වනදා සිට 11 වනදා දක්වා වෙසක් කලාපයක් නම්කර මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල 17 තුළ වෙසක් උත්සව මාලාවක් පැවැත්විණි.

සමස්ත ලංකා ශාසනාක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි මාතර දිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මාතර වෙහෙරහේන රාජමහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි දිසාශාසනාරක්ෂක බල මණ්ඩල, ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ් මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය, මාතර දිසා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මාතර බෝධි ආරක්ෂක සභාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනි සේවය, ස්වාධීන රූපවාහිනි සේවය ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් එම ජාතික වෙසක් උත්සවයට දායක විය. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මගින් වෙසක් පෝදින ලේක්හවුස් ආයතනයේ ‘බුදුසරණ’ පුවත්පත නොමිලයේ සිල්වතුන්ට බෙදා දෙන ලදී. එම රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව, මාතර බෝධිය, දෙව්නුවර ශ්‍රී විෂ්ණු දේවාල රාජමහා විහාරය, වැවුරුකන්නල බුදුරජමහ වෙහෙර ආදි පූජනීය ස්ථාන රැසක දාන, ශීල, භාවනා පින්කම් පැවැත්විණි.


මාතර වෙහෙරහේන පුදබිමේ දී වෙසක් පෝදා සීල සමාදානයේ යෙදුණු පිරිසෙන් කොටසක්


මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හිමිවරුන්ගේ ශාසනික සේවාව උදෙසා උපහාර පිරිනැමූණු අතර ඒ සඳහා මහා සංඝරත්නය පෙරහරින් මාතර වෙහෙරහේන පුදබිමට වැඩම කළ අයුරු


වෙහෙරහේන රජමහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර හිමියන් සමග බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ් මහතා රාජ්‍ය වෙසක් උත්සවය නරඹමින්....


අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් - ඩබ්ලිව් කේ. කේ. අතුකෝරාල මහතා, මාතර ප්‍රාදේශීය ලේකම්, තුසිත පී. වනිගසිංහ මහතා, ඇතුළු ප්‍රභූ®න් වෙසක් පෝදා වෙහෙරහේන විහාරයේදී පූජෝපහාර දැක්වූ අයුරු.
සටහන හා ඡායාරූප - ශ්‍රීනාත් සුරේන්ද්‍රගේ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කළ වෙසක් මුල් දින මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එන්. ජයමහ මහතා විසින් තැපැල් ඇමැති මහින්ද විජේසේකර මහතා ගේ බිරිය වූ අජන්තා විජේසේකර මහත්මියට පිළිගැන් වූ අයුරු මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද සහභාගි විය.

 

 

 

 

 

 

වෙසක් අමාවක පෝය
මැයි මස 23 වනදා සෙනසුරාදා අපර භාග 8.40 ට ලබයි. 24 වන ඉරිදා අපරභාග 5.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 24 වන දා ඉරිදාය.
මී ළඟ පෝය මැයි 31 වනදා ඉරිදාය

පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]