Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 “ශාසන බන්ධු ශ්‍රී රෝහණ පුත්‍ර” ගෞරව සම්මානයෙන් පුද ලබන එස්.පී. කුලරත්න

ශාසන බන්ධු ශ්‍රී රෝහණ පුත්‍ර ගෞරව සම්මානයෙන් පුද ලබන එස්.පී. කුලරත්න මහතා 1969 දී එංගලන්තයේ M.R.C.O.G (Lodon) විභාගයෙන්ද, 1979 දි F.R.C.O,G (London) විභාගයෙන්ද, 1981 දී M.C.G.P (S.L), F.S.I COG. 1985/F.C.G.P, (S.L)  වසර 2000 දී ඉදිරිපත් වී දක්‍ෂතා පෙන්වා ඇති අතර, විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ඉන්දියාව, ජපානය, පකිස්ථානය, තායිපේ, බැංකොක්, ඉතාලිය, මොන්ටේරියල් යන රටවල විශේෂ දෙසුම් කීපයක් ද පවත්වා ඇත. 1985 වසරේ දි මාතර තරුණ බෞද්ධ සමිතියේ යාවජීව සාමාජිකයෙකු ලෙස සමිතියට සම්බන්ධ වී 1986 වර්ෂයේ ප්‍රධාන සභාපති තනතුරට තේරීපත් විය. තම පෞද්ගලික ධනය වැයකොට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවක්, බුද්ධ මන්දිරයක්, ධර්ම ශාලාවක් සහිත තෙමහල් මන්දිරයක් ඉදිකරන ලදී. වසර 2001 දී මාතර බෞද්ධ විද්‍යාලය පිහිටුවීමේ ලා පුරෝගාමීව කටයුතු කරමින් එහි උන්නතිය සඳහා තම පෞද්ගලික ධනය වැය කළේ ය. මාතර ගොඩඋඩ වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලා සඳහා වූ ගිලන් මන්දිරයක් තනවමින් ආරම්භ කළ ආගමික මෙහෙවර සඳහා කළ ධන පරිත්‍යාග ගණනය කළ නොහැකි තරම් ය. 1988 දී දක්‍ෂිණ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක සභාපතිවරයා ලෙසද, 1992 මාතර දිස්ත්‍රික් සංවර්ධන පදනමේ ගරු භාණ්ඩාගාරික ලෙසද, එම වර්ෂයේ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ මාතර ශාඛාවේ සභාපති ලෙසින් ද මාතර බොදු පොදු සමාජ සංවිධාන 15 ක පමණ නිලතල දැරූ කුලරත්න මහතාට වර්ෂ 2000 දී ‘රුහුණු ප්‍රතිභා’ සම්මානය ද, ජාත්‍යන්තර සිංහ සමාජය දිස්ත්‍රික් 306ඒ සංවිධානයෙන් ‘අති විශිෂ්ට පුරවැසියා’ සම්මානයෙන්ද, 2001 ජූලි මාසයේ රුහුණු විද්‍යාර්ථීන්ගේ සභාව මගින් ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි’ සම්මානයෙන් ද, ශ්‍රී රෝහණ සංඝ සභාව වෛද්‍ය සේවය අගය කරමින් ගෞරව සම්මානයකින් ද උපහාර පිදීය.

‘ශාසන බන්ධු ශ්‍රී රෝහන පුත්‍ර’ විශේෂඥ වෛද්‍ය සරත් පත්මා කුලරත්න මහතා මෙම 24 වනදා පස්වරුවේ මාතර තරුණ බෞද්ධ සමිතියේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන උත්සවයේ දී අදාළ සම්මාන උපහාර ලබති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.