Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩරට අමරපුර නිකායේ උපසම්පදා උළෙල

උඩරට අමරපුර නිකායේ 2009 වසරේ උපසම්පදා විනය කර්මය ජූනි 27 වන සෙනසුරාදා පස්වරු 2.00 ට චිරාගත සම්ප්‍රදායානුකූලව වීදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ උපෝසථාගාරයේ දී සාහිත්‍යාචාර්ය විනය විශාරද අග්ගමහාපණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහනා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උපසම්පදාපේක්‍ෂකයින් උදෙසා ලිඛිත පරීක්‍ෂණය ජූනි 20 දින පෙරවරු 9.00 ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනේ දී ද, උපසම්පදා වූ පසු සිදු කෙරෙන ධර්ම විනය පුහුණු පාඨමාලාව ජූනි 28, 29 යන දිනවල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදී ද, පැවැත්වෙන අතර ඊට අදාළ විස්තර හා අයදුම්පත් ජූනි මස 15 දිනට පෙර’ ලේඛකාධිකාරී, සුමංගලාරාමය, විදුරුපොළ කැප්පෙටිපොළ’ යන ලිපිනයට එවිය යුතු බව විනය වාදිනී කාරක සංඝ සභාවේ නියමය පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නිකපොත චන්ද්‍රජෝති නාහිමියෝ නිවේදනය කරති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.