UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මල්වතු අස්ගිරි මහා විහාරයන්හි

උපසම්පදා පුණ්‍යෝත්සවය වෙසක් පෝදා ඇරැඹේ

මහනුවර මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය 2009 මැයි 8 වනදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනයෙන් ආරම්භ කර ජුනි මස 7 වනදාට යෙදෙන පොසොන් පෝය දිනයෙන් අවසන් කෙරේ.

ශාසන ගෞරවයෙන් මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි මහා සංඝයා වහන්සේ වෙත මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, මහ නාහිමි සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක උඩුගම සද්ධර්ම ශ්‍රී‍්‍ර ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහා නා හිමිපාණන් වහන්සේ විසින් මේ බව වෙන් වෙන් වශයෙන් නිකුත් කර ඇති නිවේදනයන්හි සඳහන් වේ. උපසම්පදා නිවේදන අනුව මැයි 8, මැයි 17, මැයි 24, මැයි 31, ජුනි 07 යන දිනයන්හි උපසම්පදා පෙරහර සහිතව ද සෙසු දිනයන් හි පෙරහර රහිතවද උපසම්පදා විනය කර්ම කටයුතු මල්වතු අස්ගිරි ඓතිහාසික මංගල උපෝෂථාගාරයන්හි අතිගරු මහානාහිමි අනුනාහිමි හිමිවරුන්ගේ් සහ උපාධ්‍යායන් වහන්සේලාගේ උපාධ්‍යායත්වයෙන් සිදු කෙරෙන අතර පෝය දිනවල සිදු කෙරෙන උපසම්පදා අපේක්ෂිත සාමනේරයන් වහන්සේ ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරෙන උපසම්පදා සම්ප්‍රදායික කටයුතු නිම කිරීමෙන් පසු උපසම්පදා පෙරහරෙන් මල්වතු අස්ගිරි මහා විහාරකරා වැඩමවාගෙන යෑමෙන් පසු උන්වහන්සේලා වානල නාගනාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ඇත. මෙම විනයකර්ම කටයුතුවල උපාධ්‍යායන් වහන්සේලා වශයෙන් අතිගරු මහානායක මාහිමි දෙනම පෙනී සිටිති.

මිථුන රවි 22 භාග වූ ජුලි මස 6 වෙනි සඳුදින ගිම්හාන සෘතුවෙහි 8 වෙනි පෝය කොට ඊට පසු දින පෙරවස් එළඹීමද කටක රවි 21 භාග වු අගෝස්තු මස 05 වෙනි බුදදින වස්සාන සෘතුවෙහි 2 වෙනි පොහොය කර ඊට පසුදින පසු වස් එළඹීමද කන්‍යා රවි 17 භාග වූ ඔක්. 03 දින පෙරවස් පවාරණයද තුලා රවි 17 භාග වූ නොවැම්බර් 02 වෙනිදින පසු වස් පවාරණයද සිදු කෙරෙන බවද නිවේදනයෙහි සඳහන්ව ඇත.

උපසම්පදා පේක්ෂකයින් පළාතේ නායක තෙරුන් වහන්සේගෙන් ද පිරිවෙනක ශිෂ්‍යයෙක් නම් පරිවෙනාධිපතින් වහන්සේගෙන්ද ගුරුවරුන් විහාරස්ථාන සහ ඉගෙනීම පිළිබඳ සහතිකද ලියුම් උප්පැන්න සහතිකද ඇතිව පැවිදි කළ ගුරුවරුන් සමග උපසම්පදා අපේක්ෂකයින් පැමිණිය යුතු බවත් එම නිවේදනවල සඳහන්ව ඇත. මහා නා හිමිවරුන් පත්කරනු ලැබූ කර්මාචාර්ය වහන්සේලා සහ උපාධ්‍යායන් වහන්සේලා මෙම විනය කර්ම කටයුතුවලට සම්ප්‍රදායනුකූ®ලව සහභාගිවන අතර පෝය දිනයන්හි වාහල නාග නාමයෙන් උපසම්පදාශීලයෙහි පිහිටුවනු ලබන සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් උපාධ්‍යායත්වය දරනු ලබන්නේ මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනමයි. යෝජිත මෙම සංඝයා වහන්සේලා (උප සම්පදාශීලයෙහි පිහිටුවීමෙන් පසු) වෙනුවෙන්, අට පිරිකර පූජාව අතිගරු මහානායක මාහිමි දෙනම සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් සිදු කෙරේ.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]