Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 123 වන ජන්ම සමරු පින්කමෙන්

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 123 වන ජන්ම සමරුව නිමිත්තෙන් ඉකුත් 21 සහ 22 යන දිනයන්හි ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. එම පින්කම් මාලාව ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන්, ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් ද සිදු කැරිණි.


සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා පුද පෙරහරෙන් සධාතුක කරඬුව, පිරිත් පොත් වහන්සේ සහ සඟරුවන වැඩම කරවූ අවස්ථාව.
 


දහවල් දානය සඳහා වැඩම කළ සඟරුවනින් කොටසක්.


කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් වෙත විශේෂ පිරිකර පූජා කළ අවස්ථාව. මහාභාරකාර සරත් සෙනෙවිරත්න, ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පුත් රංජිත් විජයවර්ධන, ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා යන මහත්වරු ද සේයාරුවේ වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාමාන්‍යානාධිකාරී අභය අමරදාස මහතා පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කරන ලද සධාතුක කරඬුව වෙත මල් පූජා කළ අවස්ථාව.


ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් වෙනුවෙන් පැන් වඩා පුණ්‍යානුමෝදනා කළ අවස්ථාව. මහා භාරකාර සරත් සෙනෙවිරත්න, ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ් පුත් රංජිත් විජයවර්ධන, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, නීති හා සුබසාධන අධ්‍යක්ෂ නීතිඥ රසංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස, ලේකම් කුමුදු ගුණවර්ධන, යන මහත්ම මහත්මීන් ඇතුළු ලේක්හවුස් බෞද්ධ සංගමයේ නිලධාරිහු ද, ලේක්හවුස් සේවක සේවිකාවෝ ද එම අවස්ථාවට සහභාගි වූහ.
 


පින්කමට සහභභාගි වූ පිරිසෙන් කොටසක්
සේයා රූ - කාවින්ද පෙරේරා
රොෂාන් පිටිපන






 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.