Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

රටටත් ත්‍රිවිධ හමුදාවටත් සෙත්පතා මව්පිය හරසර උළෙලක් සහ අටවිසි බෝධි පූජා පින්කම් මාලාවක් ඇඹිලිපිටිය මොදරවාන ගලේබෝධිය විහාරස්ථානයේ දී මල්වානේ විජිත ධම්ම හිමියන් විසින් පවත්වන ලදී. විහාරස්ථ දායක සභාවේ අනුග්‍රහයෙන් පැවැති මව්පිය හරසර උළෙල සඳහා මව්පිය දූ දරුවන් විශාල පිරිසක් විහාර මළුවට එක් වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ඇඹිලිපිටියේ විශේෂ සිරිල් ජයවීර

දුලබ දසුනක්
මිනිසුන් එනිනෙකා මරා ගන්නා ලෝකයක ගවයකු වෙනුවෙන් දුක්වීම දුලබ දසුනක් නොවේ ද? මිනිස්කම තවමත් ඉතිරි වී තිබෙන බව පෙන්වන එබඳු දුලබ දසුනක් මෙහි දැක් වේ. රාජගිරිය කලපලුවාව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ආචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත උළුවිටියේ අනුරුද්ධ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මරණාසන්න ගවයකු වෙනුවෙන් සෙත්පිරිත් දේශනා කරන මේ දුලබ දසුන අපට පවසන්නේ ශේෂ වී ඇති ඒ උතුම් මිනිස්කම ය. කලපලුවාව සමගි මාවත අසලදී පසුගිය 22 වන දා රාත්‍රියේ වාහනයකින් අනතුරකට පත් කළ මේ ගවයාට වෛද්‍යවරුන් තිදෙනකු වෙදකම් කළ ද ජීවිතය බේරාගත නොහැකි බව අසා ගවයාට සෙත්පිරිත් සජ්ඣායනා කළ අවස්ථාව .
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.