Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදිවීමට කැමති කාන්තාවන්ට ඇරැයුමක්

පාදුක්ක බටවල ප්‍රජාපතී භාවනා මධ්‍යස්ථානය පැවිදි වීමට කැමති කාන්තාවන්ට අවස්ථාවක් සලසා දී ඇතැයි කියති. අවුරුදු 16 - 35 වයස් සීමාවේ පසුවන කාන්තාවන්ට ඒ සඳහා ඉදිරිපත් විය හැකි බවද කියයි.

සමථ භාවනා සහ විපස්සනා භාවනා පුහුණුව ද ධර්මය පිළිබඳ අවබෝධය ලබා දීම ද ධර්මානුකූල පැවැත්මකට හුරු කිරීම ද එම ස්ථානයේ දී සිදුවේ.

තමා පිළිබඳ තොරතුරු ( නම , ලිපිනය, උපන්දිනය, අධ්‍යාපනය, ආදිය ) ඇතුළත් කොට ඉල්ලුම් පත්‍රයක් පහත සඳහන් ලිපිනයට යොමු කිරීමෙන් මේ සඳහා ඉදිරිපත් විය හැකි බවද කියයි. ප්‍රධාන මෙහෙණින් වහන්සේ ප්‍රජාපතී භාවනා මධ්‍යස්ථානය, බටවල, පාදුක්ක


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.