‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ දොරට වැඩීම 07 දා
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත ‘අමා දම් රස වෑහෙන
විස්තරාර්ථ ධම්ම පදය - 5 (බාල වර්ගය) අලුත්ම බෞද්ධ ග්‍රන්ථය දොරට වැඩීම
සහ ධර්ම දේශනය ඔක්තෝබර් මස 07 වැනි අඟහරුවාදා සවස 4.00 ට කොළඹ 07,
බෞද්ධාලෝක මාවතේ, බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ අස්සන සහිතව ‘අමා දම් රස වෑහෙන
විස්තරාර්ථ ධම්ම පදය - 5 බෞද්ධ ග්‍රන්ථය විශේෂ අඩු මිලකට ලබා ගැනීමට සහ
උන්වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පැමිණෙන මෙන්
සියලු සැදැහැවතුන්ට ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා ආරාධනය කරයි. |