UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බිනර පෝදා පින්කම්

කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් බිනර පෝදා පින්කම් රැසක් පැවැත්වේ.

එදින පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම ගැට අරුළුවේ විපුලධම්ම හිමි, 8 – 9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි 10 – 11.45 දහම් දෙසුම ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි පස්වරු 1 – 3 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ හිමි, 3.15 – 4.30 දහම් දෙසුම රාජකීය පණ්ඩිත කලමුල්ලේ ජිනරතන හිමි, 5 – 6.15 දහම් දෙසුම දම්බුවන සුමංගල හිමි 7 – 8.30 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පෝදා සීල භාවනා

පෙ.ව. 06.00- 07.30 - සීල සමාදානය, මෛත්‍රී භාවනාව, සෙත් පිරිත් , බුද්ධ පූජාව - මොරවක ශාන්ත හිමි, 08.00 - 9.00 - භාවනාව - මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි , 9.00 – 10.00 - ධර්ම දේශනය - ධර්ම දේශනය - පල්ලේගම මහින්දානන්ද හිමි, 10.15 - 11.00 - බුද්ධ පූජාව, ප.ව 12.00 - 1.00 පිරිත් සජ්ඣායනය - සිල් සමාදන් වූ පිරිස 1.00 - 2.00 - ධර්ම දේශනය - මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 2.00 - 3.00 - ධම්ම පදය ඇසුරෙන් බෞද්ධ කථාව- කේ . කේ. සුගතපාල මහතා , 3.30 - 4.45 - ධර්ම සාකච්ඡාව - නාවල චන්දවිමල නාහිමි, 4.45 - 5.45 - ධර්ම දේශනය - මාපලගම ජිනානන්ද හිමි, 05.45 - 6.00 - සිල් පවාරණය.


 

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් බිනර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. එදින පෙරවරු 6 - 7 සීල සමාදානය මෙහෙයවීම හා බුද්ධ වන්දනාව කිරින්දේ සද්ධානුසාරී හිමි 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම යටිරාවන ධම්මාරාම හිමි 9 -10 දහම් දෙසුම මහමෙවුනාවේ මංගල හිමි 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ වන්දනාව මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි 1 - 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි, 2 - 3 විශේෂ දේශනය මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා 3 -4 දහම් දෙසුම නෑහින්නේ අරියඤාණ හිමි 4.15 - 5 ධම්මපදය ගබ්බෙල වජිර හිමි, 5- 6 දහම් දෙසුම හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් බිනර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින (14) පෙරවරු 6 - 7 සීල සමාදානය මෙහෙයවීම හා අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද අනු නාහිමි, 8 - 9 භාවනාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි , 9 - 10 දහම් දෙසුම කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි , 10- 11 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා 11 - 11.15 බුද්ධ පූජාව කොළොන්නාවේ හේමසිරි හිමි , පස්වරු 12.25 , 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 – 1 තෙරුවන් ගුණ කන්තලේ මධුරදේව හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 - 3 ධම්මපදය පානදුරේ පසන්න හිමි, 3 - 3.45 දහම් දෙසුම අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමි, 4 - 5 දහම් දෙසුම යටිරාවණ ධම්මාරාම හිමි, 5- 6 දහම් දෙසුම දියතලාවේ පියදස්සි ඛ්ඹ්මි , 6 - 6.30 බෝධිපූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේදී බිනර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. එදින (14) පෙරවරු 6.25 සීල සමාදානය මෙහෙයවීම හා බුද්ධ වන්දනාව මලිදුව විමලවංශ නාහිමි, 8 බුදු ගුණ වන්දනාව බලන්ගල පඤ්ඤාසිරි හිමි, 9.30 භාවනා වැඩසටහන මෙහෙයවීම චන්ද්‍ර රණතුංග මහත්මිය 10.30 බුද්ධ වන්දනාව ගොඩගම මුලාලංකාර හිමි පස්වරු 1.30 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සෝමරතන නාහිමි ඇතුළු මහ සඟරුවණ පස්වරු 2 පැළැණේ සුවිනීත හිමි 3 දහම් දෙසුම ගම්මැදගම චන්දජෝති හිමි 5 විශේෂ ධර්ම දේශනය හා බුද්ධ වන්දනාව අතුරලියේ ජිනානන්ද හිමි.


හොරේතුඩුව ගංගාරාමය

හොරේතුඩුව ගංගාරාමයේදී බිනර පෝදා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට සහ ලක්වැසි ජනතාවට සෙත් පැතීමටත් මිය ගිය රණවිරුවන්ට පින් පැමිණවීමටත් වැලිගම අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

සීල සමාදාන පින්කමත්, ලේ දන්දීමක් හා දහම් පාසල් සිසුන් බත හීල ශිල ඇදුම් හා පොත් ප්‍රදානයත් මානෙල් කුමාරි බස්නායක මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් සිදු කැරේ.

එදින සවස 5.30 ට විශේෂ බෝධි පූජාව හා දහම් හමුව පැවැත්වෙන අතර එම අවස්ථාවට සංචාරක අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා සහ ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතය.


විදර්ශනා භාවනා හා දේශනා

මිනුවන්ගොඩ ඊ. ඒ. පියරත්න මහතා විසින් සෑම පුර පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශන’ වැඩසටහන් මාලාව මෙම බිනර පුන් පෝදා පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ.

එදින පෙරවරු 8.30 – 10.30 රාගම මත්තුමගල පරාක්‍රම පාර, බෞද්ධාලෝක විහාරයේදී මාපිටිගම සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද, පස්වරු 12.30 – 2.30 මිනුවන්ගොඩ වෑලිය ශ්‍රී විවේකාරාමයේදී තණමල්විල රතනසාරතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද 2.30 – 4.30 දෙවලපොල මාකලන්දන ශ්‍රී ඉන්ද්‍රවංශාරාමයේදී වන්දාරම්නුවර සුමනවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද 4.30 – 6.30 දෙවලපොල ගල්ලෙගෙදර ශ්‍රී සාක්‍යාසිංහාරාමයේදී අලුත්නුවර සීවලී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද පැවැත්වේ.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහ විහාරස්ථානයේදී සීල භාවනා වැඩසටහන් මාලාවක් බිනර පුර පසළොස්වක පෝ දා ජයශේඛරාරාමාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාමාධිකාරී රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි.

පෙරවරු 8.00 – පස්වරු 5.00 දක්වා එම විහාරස්ථානයේදී ‘පටිච්ච සමුප්පාදය හා ආය¸ අෂ්ඨාංගික මාර්ගය’ මාතෘකා කොට දේශන හා භාවනා වැඩසටහන පැවැත්වේ.

පස්වරු 6.00 සිල් පවාරණය, 7.00 – 7.30 සම්බුද්ධ ගිලන් පස හා මල් පහන් පූජාව මෙහෙයවීම ගැට්ටුවානේ සුමේධ හිමි, 7.45 – 8.45 රාත්‍රි දහම් දෙසුම ශාස්ත්‍රපති මාමඩලේ විමල හිමි


හොරණ රජ මහා විහාරය

හොරණ රාජමහා විහාරස්ථානයේදී බිනර පෝදා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වේ. එම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ රාජමහා විහාරාධිපති රයිගම් සල්පිටි හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේකර නාහිමියන් විසිනි. එදින අලුයම පහට කිරි ආහාර බුද්ධ පූජාව පැවැත්වීමෙන් පසු ශීල සමාදානය ඇරඹේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන පති උඩුහාවර ආනන්ද හිමි තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී ශාස්ත්‍රපති මාරඹ චන්ද්‍රවිමල හිමි හොරණ විද්‍යාරත්න පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති වැල්ල ගිරියේ සුමංගල හිමි කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය බෝපේ ඉන්ද්‍ර ජෝති හිමි ශාස්ත්‍රපති මාදන්වල සරණපාල හිමි ශාස්ත්‍රවේදී හොරණ ජිනානන්ද යන හිමිවරුන් විසින් එහිදී දහම් දෙසුම් පවත්වති.

ආගමික වැඩසටහන් මාලාව පවත්වනු ලබන්නේ එංගලන්තයේ පදිංචි නන්ද රණසිංහ මහත්මියගේ පූර්ණ දායකත්වයෙනි.


කොම්පෙයාහේන

හෝමාගම, පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේදී බිනර පුර පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේය එදින පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය සහ බුද්ධ වන්දනාව කළුතර සරද හිමි 8.15 – 9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම නිලන්ත බමුණුආරච්චි මහතා 10 – 11 ධර්ම දේශනය ගෞරව ශාස්ත්‍රවේදී පිටිපන සුමනසාර හිමි 11 බුද්ධ වන්දනාව පස්වරු 1 – 2 පිරිත් ධර්මය දේශනා කිරීම දායක සභා රැස්වීම 2 – 3 ධර්ම දේශනය පිටිපන චන්ද්‍රසිරි හිමි 3.15 – 4.15 ධර්ම දේශනය නොච්චියාගම ඉන්දරතන හිමි 4.15 – 5.15 ධර්මදේශනය රාජකීය පණ්ඩිත තල්පාවිල කුසලඤාාණ හිමි

5.15 – 6.15 බෝධිපූජාව හා සිල් පවාරණය


සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ දී බිනර පෝදා අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්‍ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් පැවැ්තවේ. එදින පෙරවැ 6 පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහනක්ද පැවැත්වේ.

පෙරවරු 7 – 8.45 දක්වා රණාල අමාදම් අසපුවේ වැල්ලම්පිටියේ විනය වංශ හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවෙන් අනතුරුව 11 ට දවල් බුද්ධ පූජාවද පස්වරු 12.30 – 1 දක්වා ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනයද 1 – 1.30 කොට්ටාවේ ප්‍රියංකා ශිරන්තිනි උපාසිකාව පවත්වන දේශනයක්ද 2 – 5 දක්වා වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් පවත්වන ධර්ම සාකච්ඡාවක්ද වේ. 5 – 5.30 දක්වා තුන් සූත්‍ර සජ්ඣායනය අවසානයේදී සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.30 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේදී බිනර පසළොස්වක පොහෝදා, විහාරාධිපති කැලණිය, විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ සීල භාවනා සමිතියේ සංවිධායකත්වයෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. එදින පෙරවරු 5.45 - 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 6.30 - 7.30 සිල් සමාදන් කරවීම සහ කිරිපිඬු පූජාව ඇත්කඳුරේ සුමනසාර හිමි , 8.30 - 9.30 භාවනා වැඩසටහන මුරපොල පියවංශ හිමි , 9.45 - 10.45 ධර්ම දේශනය කහල්ලේ ජනානන්ද හිමි, 11.00 - 11.30 ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි. පස්වරු - 1.00 - 200 සෙත් පිරිත් සජ්ඣායනය සහ බුදුසරණ පත්‍ර ධර්ම දානමය පින්කම. දායකත්වය - අශෝක කුමාර මහතා, 2 - 3 විශේෂ දේශනය සක්මන් භාවනාව - කථිකාචාර්ය දර්ශනපති ආනන්ද ඩී. සිල්වා මහතා , 3.15 - 4.15 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි, 4.30 - 5.30 ධර්ම දේශනය අඹගස්ආරේ කමලසිරි හිමි, 6.30 - 7.30 විශේෂ අටවිසි බුද්ධ පූජාව


 

කොළඹ දිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමුපකාර සමිතියෙන් පෝදා පින්කමක්

සී / ස කොලඹ දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමුපකාර සමිතියේ මෙහෙයවීමෙන් ආගමික හා වෛද්‍ය සේවා වැඩසටහන මෙම බිනර පෝදා පිලියන්දල සිද්ධමුල්ලේ ශ්‍රී සංඝාරාමයේදී පැවැත්වෙන බව එම සමිතියේ කළමනාකාර ලේකම් වෛද්‍යාචාර්ය එස්. ඒ. පියසේන මහතා සඳහන් කරයි.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]