UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදෙණියේ ශ්‍රී දළදා පෙරහර

ශි‍්‍ර ලංකාවේ තෙවන රාජධානිය වන දඹදෙණි රාජධානිය තුන්වන විජයබාහු රජතුමා විසින් ආරම්භ කරන ලදී. එතුමාගේ රාජ්‍ය කාලසීමාව තුළ ආර්ථික, සංස්කෘතික, කෘෂිකාර්මික අංශයන්හි යම් තරමක දියුණුවක් උදාකළ අතර බෙලිගල සඟවා තිබූ දළදා වහන්සේ දඹදෙණි රාජධානියට වැඩම වන ලදී. අනතුරුව එතුමාගේ පුත් නන් බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පැරකුම්බා රජතුමා විසින් දඹදෙණි රාජ්‍ය තුළ සියලු අංශයන්හි සංවර්ධනයක් ඇති කළහ. විවිධ විෂයයන් පිළිබඳ ප්‍රවීණත්වයන් ලත් යතිවරුන් හා පඬිවරුන් කැඳවා ග්‍රන්ථ කරණය සඳහා පූර්ණ රාජ අනුග්‍රහය ලබා දෙන ලදී. එහෙයින් ඡ්‍යොතිෂය ආයුර්වේදය, ධර්ම ග්‍රන්ථ හා සාහිත්‍ය ග්‍රන්ථ රාශියක් මෙකල බිහිවිය. එතුමාද සාහිත්‍ය කාමියෙකු වන නිසා සිංහල සාහිත්‍යයේ වස්තු විෂය ලෙස සැලකෙන ‘කවිසිළුමිණ’ නමැති මහා කාව්‍යය එතුමාම රචනා කිරීමෙන් සාහිත්‍යයේ විශාල දියුණුවක් ඇතිවිය.

එසේ ම ශාසනික සංවර්ධනය වෙනුවෙන් විහාර ආරාම ගොඬ නඟන ලද අතර දළදා මැදුරක් ගොඩනඟා එහි දළදා වහන්සේ තැන්පත් කොට උසස් ලෙස පුද පූජා පවත්වා බුදුන් වහන්සේ පෙනී සිටින ලෙසින් සත්‍යයක් ක්‍රියා කළහ. එවිට උඩු මහලේ සිට පහළ මළුවේ ඇති සපු බෝධිය දක්වා රන් ඒ දණ්ඩක් මත ප්‍රාණමිත බුද්ධ රූපයක් සිංහල පෑ හත හමාරක් සක්මන් කළහ.


දඹදෙණියේ දළදා මැඳුර

මෙවැනි ආශ්චර්මයක් ප්‍රාතිහාර්යක් පෑ එකම සිද්ධස්ථානය ලෙස දඹදෙණිය වංශ කථාවට එක්වෙයි. එදා සිට අද දක්වා ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් බැතිමතුන් විසින් විවිධ පුද පෙරහර පවත්වා ගරු කළ බව පැරණ්නන් විසින් ප්‍රකාශ කරයි.

පැරැණි රජ දරුවන් මහත් බැතියෙන් අරඹන ලද මෙම පෙරහ කලින් කළ විවිධ සංස්කෘතික අංගයන් එක් කරමින් මෙම පෙරහර මංගල්‍ය පැවැත්වීමෙන් අතීත ශ්‍රී විභූතිය ඔප්නංවමින් අපේ සංස්කෘතික අංගයන් වත්මන් පරපුරට දායාද කරමින් කෙරෙන මෙම පූජාව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම මහඟු ආශිර්වාදයකි. මෙවර ශ්‍රී දළදා පෙරහර පරිවාර පෙරහර සහිතව පැවැත්වීමට දඹදෙනි සංවර්ධන පදනමේ පෙරහර කමිටුව විසින් සියලු විධි විධාන යොදා ඇත.

සැප්තැම්බර් 10, 11, 12 දිනවල පේරු මල් පෙරහර සහ සැප්තැම්බර් 13 වන දින ප්‍රධාන මල් පෙරහර මුතුගල විහාරස්ථානයේ සිට දඹදෙණි විහාරස්ථානයට පැමිණෙයි. සැප්තැම්බර් 14 වන දින ශ්‍රී දළදා පූජෝපහාර මහ පෙරහර උඩරට, පහතරට, සබරගමු නර්තන අංගයන්ගෙන් සමලංකෘතව අලි ඇතුන් පිරිවරා දඹදෙණි නගරයේ වීථි සංචාරය කිරීමට නියමිත ය.

සැප්තැම්බර් 15 වන දින ගිරිඋල්ල මහඔය මංකඩේ දී දිය කපා රථ ‍ෙපරහරකින් පරාක්‍රමබාහු පිරිවෙන් විහාරය දක්වා පැමිණ එතැන් සිට නර්තන කණ්ඩායම් සහිතව පෙරහරකින් දඹදෙණි විහාරස්ථානයට පැමිණ, දේව පූජා පවත්වා පෙරහර මංගල්‍යය නිමා කිරීමට නියමිත ය.

ශ්‍රී දළදා පූජෝපහාර පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ග්‍රාමීය කර්මාන්ත ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මැතිතුමා, මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය ටී.බී. ඒකනායක මැතිතුමා, ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය සාලින්ද දිසානායක මැතිතුමා, සෞඛ්‍ය හා පෝෂණ ජයරත්න හේරත් මැතිතුමා, වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ මැතිතුමා, වයඹ පළාත් සභා මන්ත්‍රී දඹදෙණිය ආසනයේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ශාන්ත බණ්ඩාර මැතිතුමා, අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති දේශ බන්දු සුමිත් කුමාර රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු මන්ත්‍රීතුමන්ලාගේ හා නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ සියලු දෙනාගේ සහයෝගයෙන්ද, කඳාන ස්වදේශීය කර්මාන්ත ආයතනයේ අධිපතිනි අමරී විජේවර්ධන මැතිණියගේ හා කඳාන ග්‍රෑන්ඩ් හෝට්ස් අධිපති නුවන් බණ්ඩාර මැතිතුමාගේ ද සියලු රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනයන්හි සහයෝගයෙන්ද, පළාත් වාසී සැම දෙනාගේ හා ප්‍රදේශවාසී මහා සංඝරත්න හා සියලු විහාරස්ථ දායක සභාවල කැපවීමෙන් හා සහයෝගයෙන් මෙම පෙරහර මංගල්‍යය පැවැත්වේ.

සැමට දළදා සරණයි

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]