Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

ලේක්හවුස් බෞද්ධ සංගම‍නේ සාමාජිකයන්ගේ දරුවන්ට තිළිණ ප්‍රදානයක්
 

ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව පිරිනැමෙන ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ තිළිණ ප්‍රදානය ඉකුත් දා (2) ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේදී පැවැත්විණි. එම උත්සවය කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. එහිදී ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් සංගමයේ සාමාජිකත්වය දරන මවුපියන්ගේ් දූ දරුවන් තිස් තුන් දෙනකු විසින් තිළිණ හිමිකර ගන්නා ලදී. තිළිණ ප්‍රදානයෙන් පසු එම සිසු දරුවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නිහාල් රත්නායක මහතා සහ සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය ද කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරි රෝහණ ආරියරත්න, අරමුදල් කළමනාකරණ ලේකම් සරත් මණ්ඩලවත්ත, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා, ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති සීසර් සුදුසිංහ, එහි ලේකම් සුසිල් ගුණවර්ධන සහ භාණ්ඩාගාරික පි‍්‍රයන්ත විජේසූරිය යන මහත්වරුද මෙහි වෙති.
සේයාරුව - තුෂාර ප්‍රනාන්දු

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.