Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අඹකොටේ සිරිසුගත තපෝවනයේ ප්‍රධාන අනුශාසක ඉල්වානේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි අයි.සී.සී. හා නිවාසි පෞද්ගලික සමාගම ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ගේ ද ආධාර ඇතිව සිරි සුගත තපෝවනයේ ඉදිකරන ලද ස්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභානුබද්ධ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍ර මංගල උපෝසථාගාරය ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරුණු අවස්ථාව.

පේරාදෙණිය ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්‍ෂු අභ්‍යාස ආයතනයේ 2008 ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ඤාණාලංකාර ගුණානුස්මරණ ධර්ම ශාලාවේදී පසුගියදා පැවැත්විණි. එහිදී මූලාසනය හෙබවූ අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් වෙත සමරු කලාපය පිළිගැන් වූ අයුරු.
ඡායාරූපය – උදේනි රාජපක්‍ෂ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.