Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

මාතලේ,කොහොඹිලිවල වීර පුරන් අප්පු පෙදෙසේ බෞද්ධ සේවා මධ්‍යස්ථානාධිපති අම්පිටියේ ධම්මකිත්ති, මාතලේ ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම යන හිමිවරුන්ගේ ආචාර්යත්ත්වයෙන් මාතලේ කොටුවේගෙදර විද්‍යාරත්න පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය හදාරන ගැඹුරු ඔයේ සංඝරතන සාමණේර හිමියන් පොල්ගහවෙල කුලිපිටිය විජයතුංගාරාමයේ කේන්ද්‍රකොටගෙන කරදන පාලම තොටේ දේවාලය අසල ඉදිකරන ලද උදකුක්ඛේප සීමා මාලකයේදී ජූලි 5 සිට 15 දක්වා පවත්වනු ලබන උපසම්පදා මංගල්‍යයේදී උපසම්පදාව ලැබූහ.

සංඝරතන හිමි හදුන්ගමුවේ ගැඹුරු ඔයේ ටී.ජී.ප්‍රේමදාස, ආර්.ජී.කරුණාවතී යන යුවලගේ පුත්‍රයෙකි.

අත්තනකුඹුරේ ශ්‍රී ඉන්ද්‍රජෝති, දුණුකේ බැද්දේ ශ්‍රී ඤාණරතන,මකුරුප්පේ , සෝමරතන ගල්දොල නන්දසාර, මාදුරුඔයේ ධම්මිස්සර මැටිබැටියේ සෝණුත්තර යන හිමිවරුන්ගේ ශිෂ්‍ය හතරලියද්ද වැලිගොඩපොල ශ්‍රී ධම්මාරාම පිරිවෙන අස්ගිරිය මහා විහාරයීය මහ පිරිවෙන යන ධර්ම ආයතනයන්හි ධර්ම ශාස්ත්‍රය හදාරා දැනට උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වැවතැන්නේ ධම්මාලංකාර සාමණේර හිමියන් අස්ගිරිය මහා විහාරයේදී උපසම්පදාශීලයෙහි පිහිටුවන ලදි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.