Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නෙළුම් මල් පූජාව

ත්‍රිවිධ හමුදාවටත්,පොලිසියටත්, සියලු ලක්වැසි ජනතාවටත් සෙත් පැතීම සඳහාත්,රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කරවීම පිණිසත් “අසරණ සරණ සේවා පදනම” මගින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන නෙළුම් මල් පූජා කිරිමේ මහා පින්කම පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී සෑ රදුන් මුල් කරගෙන අගෝස්තු මස 02 වනදා සවස 6.00 ට පැවැත්වේ. එබැවින් එදිනට නෙළුම් මල්, දැහැත් ගිලන් පස, සුවඳ දුම් ආදිය ද හැකිකමක් තිබේ නම් අටපිරිකරක් හෝ සෙසු පිරිකරක් රැගෙන එදින සවස 6.00 ට පෙර සෝමාවතී රජමහා විහාරස්ථානය වෙත පැමිණෙන ලෙස එහි ප්‍රධාන සංවිධායක උඩකැන්දවල චන්දවිමල හිමියෝ ඉල්ලීමක් කරති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.