Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කටුකෙන්දේ චන්දසිරි නා හිමියන්ගේ මෙහෙයවීමෙන් කිරි ආහාර හා කප්රුක් පූජාවක් අනුරපුර දී

ඉබ්බාගමුව, පෙරියකඩුව නැලව පොත්ගුල් විහාරාධිපති කටුකෙන්දේ චන්ද්‍රසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි අතිගරු ජනාධිපතිතුමාට , මැති ඇමැතිවරුන්ට සහ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියේ රණවිරුවන්ට සෙත්පතා අගෝස්තු 9 වනදා කිරි ආහාර පාත්‍රා දහසක කිරි ආහාර පූජාව සහ කප්රුක් පූජාවක් අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අබියසදී පැවැත්වේ.

එමෙන්ම රුවන්වැලි මහ සෑ රදුන් අබියස කප්රුක් පූජාවක් ද සිදු කැරේ.

එදින සවස 2ට ධර්ම සාකච්ඡාව ක්ද සවස 4ට අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ දහම් දෙසුමක්ද සවස 5 ට ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී පහළ ඇරැවුල උපරතන හිමියන් මෙහෙයවන බෝධි පූජාවක්ද අනතුරුව චිත්ත සමාධි පදනමේ ප්‍රධාන සංවිධායක කටුකෙන්දේ චන්ද්‍රසිරි නාහිමියන් විසින් පුණ්‍යානුමෝදනාවද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.