Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙවිනුවර ඇසළ උත්සවයට කප් සිටුවීම 1 වනදා

ඓතිහාසික දෙවිනුවර - ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා උත්සවය අගෝස්තු මස පළමුවනදා කප් සිටුවීමෙන් ආරම්භ වේ.

ඇසළ උත්සවය පවත්වන දිනයන් හා නැකැත් වේලාවන් පහත සඳහන් වේ.

කප් සිටුවීම අගෝස්තු මස 01 වන දින සවස 5.04 ට සිදු කැරේ. පළමුවන පේලි පෙරහර පිටත්වීම අගෝස්තු 10 වනදා සවස 3.17 ට ද දෙවන පේලි පෙරහර පිටත්වීම අගෝස්තු 11 වනදින සවස 3.17 ට ද තුන්වන පේලි පෙරහර පිටත්වීම අගෝස්තු 12 වන දින සවස 5.29 ටද හතරවන පේලි පෙරහර පිටත්වීම අගෝස්තු මස 13 වන දින සවස 4.04 ටද, පස්වන පේලි පෙරහර පිටත්වීම අගෝස්තු මස 14 වන දින සවස 3.24 ටද, හයවන පේලි පෙරහර පිටත්වීම අගෝස්තු මස 15 වන දින සවස 2.18 ද,රන්දෝලි මහ පෙරහර පිටත්වීම අගෝස්තු මස 16 වන දින සවස 2.05 ට ද සිදු කැරේ. දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය අගෝස්තු මස 23 වන දින රාත්‍රියේද මහා දේව දානය අගෝස්තු මස 24 වන දින දහවල් 11 ටද සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.