Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර කප් සිටුවීම 2 වනදා

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර අගෝස්තු 2 වනදා කප් සිටුවා ශුභ මොහොතින් ආරම්භ කෙරේ.

මහනුවර ශ්‍රීනාථ, ශ්‍රී විෂ්ණු ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන දේවාලයන් සමග පැවැත්වෙන ඇසළ පෙරහර ඒ ඒ දේවාලයන්හි කපු මහත්වරුන් විසින් සිදු කෙරෙන චාරිත්‍ර අනුව කප් සිටුවීම සිදු කෙරේ. අගෝස්තු මස 6 වනදා දක්වා දේවාල අභ්‍යයන්තරයේ පෙරහර පැවැත්වේ.

ශ්‍රී දළදා මාළිගාවේ දිය වඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහර පැවැත්වෙන දින සම්බන්ධව නිකුත් කර ඇති ප්‍රකාශයෙහි සඳහන් වන පරිදි කුඹල් පෙරහර අගෝස්තු හත් වෙනිදින ද (07) රංදෝලි පෙරහර අගෝස්තු දොළොස්වෙනි(12) දිනද ආරම්භ කෙරේ. අගෝස්තු දහසය වෙනි(16) දින අවසන් රාත්‍රි මහ පෙරහර (නිකිනි පුර පසළොස්වක පෝයදින) පැවැත්වේ. පසුදිනට එළිය වැටෙන්නට දිය කැපුම් මංගල්‍ය පෙරහර පවත්වා පෙරහර අවසන් කෙරේ. සිරිත් පරිදි දවල් පෙරහර අගෝස්තු දාහත් වෙනිදින (17) පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.