Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධිෂ්ඨාන පූජාව

යුද බිය තුරන් වී සියලු ජනතාවට සාමයෙන් සමඟියෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය පසුබිම කඩිනමින් උදාවේවායි ප්‍රාර්ථනය කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහ මළුවට වැඩම කළ එක්දහස් පන්සිය නමක් පමණ වූ මහා සංඝරත්නය අධිෂ්ඨාන පූජාවක නිරත වූහ. ජනපතිතුමන්ට, රටට, ජාතියට, ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සෙත්පතා පවත්වන ලද එම වැඩසටහන ජාතිකාධිෂ්ඨානය අධ්‍යාත්මය බලගන්වන ජාතියේ මහා පෙළ ගැස්ම ලෙස නම් කර තිබිණි. ශ්‍යාමෝපාලි මහනිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ පූර්ණ ආශිර්වාදය මධ්‍යයේ පැවති එම අධිෂ්ඨාන පූජාව සඳහා දිවයිනේ ප්‍රකට භික්‍ෂූන් වහන්සේ රැසක් සහභාගී වී සිටියහ. ගිහි පැවිදි සුවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති එම වැඩසටහන සඳහා ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම, විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිසා ලේකම් ගෝඨාභය ජයරත්න, ප්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.


ඓතිහාසික මහමළුවේ ඉදි කර තිබූ සමාධි බුදු පිළිමයේ ආකෘතියක් සහිත වූ වේදිකාව මත සිට සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමියන් මල්වතු පාර්ශ්වයේ අනු නා හිමියන් ඇතුළු සඟරුවන ආශිර්වාද පූජාව මෙහෙය වූ අයුරු.


“ජාතිකාධිෂ්ඨානය” ආගමික වැඩසටහන සඳහා වැඩම කොට සිටි 1500කට අධික තෛ‍්‍රනිකායික මහ සඟරුවන


මහ සඟරුවන පහන් දල්වා රටටත්, ජනතාවටත්, වීරෝදාර රණවිරුවන්ටත් ආශිර්වාද කළ අයුරු.


“ජාතිකාධිෂ්ඨානය” වෙනුවෙන් එක් වූ මැති ඇමැතිවරු, කලාකරුවන්, ආරක්‍ෂක අංශ නිලධාරීන් හා මහජනතාව.

“ජාතිකාධිෂ්ඨානය” ආධ්‍යාත්මය බල ගන්වන ජාතියේ මහා පෙළ ගැස්ම ආගමික වැඩසටහන උදෙසා මහා සංඝරත්නය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුව වෙත වැඩම කළ අයුරු.

සටහන - සංජය මතුරට,  ඡායාරූප – උදේනි රාජපක්‍ෂ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.