Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාජ්‍ය සේවා බෞද්ධ සංගමය මෙහෙයවීමෙන් ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය

සද්ධර්මය ලොව පහළවීමේ මහා මංගල්‍යමය අවස්ථාව සිහි කරනු වස් මෙවර ද ඇසළ පුන් පොහෝ දා, ධම්මචක්කපවත්තන සූත්‍රය රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් කෝට්ටේ නාග විහාර පරිශ්‍රයේ සිට සජීවීව සජ්ඣායනා කැරේ.

ජූලි 17 වන දින පස්වරු 6.30 – 7.30 දක්වා කාලය තුළ සිදු කෙරෙන මෙම ධර්ම සජ්ඣායන ගුවන් විදුලි සංස්ථාවේ සිටි.එෆ්.එම්. සහ www.slbc.lk සහ වෙබ් අඩවිය ඔස්සේ ලොව පුරා විසුරුවා හැරේ.

එසේම මෙම අවස්ථාවට ලෝකවාසී ජනතාව එක් රැස් කර ගනිමින් ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ මියැන්මාරය, කාම්බෝජය, චීනය, ජපානය, ඉන්දියාව, වියට්නාමය වැනි බෞද්ධ රටවල්වල සිද්ධස්ථානවල සිට සජීවීව සජ්ඣායනය කිරීමට අපේක්‍ෂා කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.