Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විද්‍යාවංශ පිරිවෙන් විහාරයේ නෙත් තැබීමේ පින්කම 18 දා

ගම්පහ බණ්ඩාරවත්ත ශ්‍රී විද්‍යාවංශ මහ පිරිවෙන් විහාරස්ථානයේ අභිනව බුද්ධ මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නෙත් තැබීමේ පින්කම මෙම 18 වන දින පෙරවරුවේ සිදුකෙරේ. ඒ නිමිත්තෙන් ධර්ම දේශනා මාලාවක් ද පැවැති අතර 13 වන දා සිට 20 වනදා දක්වා සතිපිරිත් දේශනාවක් ද එදින දහවල මහා සඟසතු දානමය පින්කමක් ද සිදු කිරීමට විහාරාධිපති අමිතිරිගල රතනවංශ හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝසභික, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක අධ්‍යාපනවේදී නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.