Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරි වෙහෙරේ සති පිරිත් දෙසුම

රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ පෙරහර සමය කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සතිපිරිත් පින්කම ජූලි 9 වන දා ඇරැඹුනු අතර මෙම 16 වන දා ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වේ. ජූලි 09 දින සති පිරිත් පින්කම ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව ජනාධිපති පෞද්ගලික ලේකම් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා විසින් වැඩම කරවනු ලැබූහ. ජූලි 15 දින දොරකඩ අස්න අනුශාසනාව කිරින්ද වතුකොල කන්ද පුරාණ විහාරාධිපති පුහුල් වැල්ලේ ධර්මාරාම හිමියන් විසින් පවත්වනු ලැබූහ. එම දොරකඩ අස්න අනුශාසනාව දේවදූත මෙහෙවර නාරංදෙණිය ජාතික පාසැලේ ඉගෙනුම ලබන සචින් ගිම්හාන රුබ්සිංහ ශිෂ්‍යයා විසින් ඉටු කරන ලදී. ජූලි මස 16 දින අර්ධ ශතාධික මහා සංඝරත්නයට දවල් දානය පූජා කැරිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.