Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනා ශාලාව විවෘත කිරීම හා ධර්ම චක්‍ර සූත්‍ර දේශනාව

කොළඹ 10 මාලිගාවත්ත පෙදෙසේ ශ්‍රී සුධර්මාරාමයේ ඉදිකරනු ලැබූ දෙමහල් ධර්ම ශාලාවේ උඩු මහල අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථානයක් ලෙස සකස් කොට විවෘත කිරීම නිමිත්තෙන් ඇසළ පෝය දා පෙරවරු 9.30 - 11.00 දක්වා මහානාහිමිවරුන් , අනුනාහිමිවරු ඇතුළු මහා සංඝ රත්නය 60 නමක් වැඩම කර ධම්මචක්කප්පවත්තන සූත්‍රය සජ්ක්‍ධායනා කැරේ. අනතුරුව එම 60 නම උදෙසා මහ සඟ සතු දනක් ද පිරිනැමෙන අතර ගිහි පින්වතුන්ට ද සංග්‍රහයක් සිදු කැරේ.

ඉකුත් 14 වනදා සිට 17 වනදා දක්වා දම් දෙසුම් මාලාවක් ද පැවැත්විණි.

ජුලි 20 සෙනසුරාදා සිට සෑම සෙනසුරාදාවකම පස්වරු 3 සිට 5 දක්වා මහාචාර්යය උතුරාවල ධම්මරතන මාහිමියන්ගේ මෙහෙයවීමෙන් භාවනා පුහුණුව සිදු කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.