Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝදාගොඩ සංඝානන්ද නා හිමි ගුණ සමරුව හා තෙරස බුද්ධ මන්දිරය විවෘත කිරීම

ඉමදුව දිවෙල්ගොඩ පුරාණ විහාරයේ කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද නාහිමි 20 වන ගුණ සමරු පින්කම හා තෙරස බුද්ධ මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් මෙම 20 - 27 දක්වා පින්කම් මාලාවක් වරකාපිටියේ සද්ධානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

එහි සමාරම්භක උත්සව සභාව මෙම 20 වනදා පස්වරු 2 ට පල්ලත්තර සුමන ජෝති නාහිමියන්ගේ මූලසුන මෙහෙයවීමෙන් ප්‍රධාන ආරාධිත අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤානිස්සර මහ නාහිමි සහ ප්‍රධාන දේශක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ඇතුළු මහ සඟරුවනේ සහ සම්භාවනීය පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ඊට සහභාගි වේ.

20 වනදා සිට 25 වනදා දක්වා පිළිවෙළින් දිනපතා පස්වරු 6.30 ට විලේගොඩ අරියදේව හිමි , තැනිපිට ධම්මරතන හිමි, හබරකඩ ඉන්දරතන නාහිමි, මානකදුරේ පඤ්ඤාසාර හිමි,පානකාවේ පේමරතන නාහිමි, අතුරලියේ රතන හිමි දම් දෙසුම් පවත්වති. 26 වනදා සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ද 27 වනදා ශතාධික සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.