Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිගල කොත නිරාවරණ පින්කම 20 දා

උකුවෙල වැලිගම පුරාණ රජ මහා විහාරස්ථානයේ අභිනව සෑරඳුන්ගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෙීත්සවය, මේ මස 20 වන දින පස්වරු 2 ට මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති විශ්‍රාමික විදුහල්පති පුරිජ්ජල සරණංකර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කමට සමගාමීව පින්කම් රැසක් ද සිදු කැරේ.

17 වන දා උකුවෙල බෝධිමළු විහාරස්ථානයේ සිට පෙරහරකින් කොත් වහන්සේ විහාරස්ථානය වෙත වැඩම කැරේ. 18 වන දා පෙරවරු 10 ට ආචාර්ය පැට්ට්‍රික් නුගවෙල මහතා අතින් කොත් වහන්සේ පැළඳවීම, 20 වන දා පස්වරු 2.30 කොත්වහන්සේ නිරාවරණය කිරීම, එදිනම පියදාස වැලිකන්නගේ සූරීන් විසින් රචිත “වැලිගල විහාර වංශය” නම් කෘතිය එළි දැක්වීම ද 21 වන දින සිට 25 වන දා දක්වා ධර්ම දේශනා, බෝධි පූජා පැවැත්වීම ද 26 වන දින දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා 27 වන දා දවල් අර්ධශතාධික මහා සඟරුවන විෂයෙහි සඟ සතු දානය පිරිනැමේ.

කොත් වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුශාසක නියංගොඩ විජිතසිරි නා හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමියන් ප්‍රමුඛ මල්වතු, අස්ගිරි, කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිලමේ තිලංග දෑල, මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ඇමති සරත් ඒකනායක, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමතිවරුන් ප්‍රමුඛ ප්‍රභූවරුන් විශාල පිරිසක් සහභාගී වීමට ද නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.